(නිමන්ති රණසිංහ)
මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (21) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.
ඕස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින් ජාතිකයකු වන අතර, එරට ආරක්ෂක අංශ ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ‘මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක්’ නමැත්තා සම්බන්ධයෙන් එලෙස කරුණු අනාවරණය වූ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ලබන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා අතර කාලයේදී මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට තම කොට්ඨාසය වෙත මුදා හරින ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන්නැයි ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සැකකරු ලබන 25 වැනිදා සිට දින තුනක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මුදා හරින ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මුස්ලිම් අය එහෙම නෑ. එයාලා හරිම අහිංසකයි. බලන්න ලෝකය පුරාම එයාලා සාමෙන් සමාදානෙන් ඉන්න කොච්චර අහිංසක අයද කියලා... කාටවත් වචනෙකින්වත් වරදක් කරන්නේ නෑනේ...
දැක්කනේ අර අහිංසක ජනාධිපතිව මරන් කන්න හදනවා, වැරැද්ද ඕස්ට්‍රේලියාවේනේ...!
මේත් නාට්‍ය පිටපතක් මේ රටේ හොර දේශපාලුවො බේරගන්න...
ඔය මොන සැකකරුවෙක්, පොකට් මොහොමඩ්, ඇල්ලුවත් වැඩක් නැහැ...