
(ඉන්දිකා රාමනායක)
මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත් මහත්මීන් අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසර සිදු වු හානියට වන්දි ඉල්ලා ශ්‍රි ලංකවේ අධිකරණය තුළ නඩු විභාග කිරීමට පුළුවන් කම තිබියදී එය සිංගම්පූරු අධිකරණයේ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නම් සදහන් කරමින් දර්ශන හදුන්ගොඩ සිය යු ටියුබ් නාලිකාව හරහා විවේචනාත්මකව අපහාස කරමින් ප්‍රකාශ ඉදිරිපත් කර තිබු බව ට එම පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඉන්න සේරම මිනිස්සු වැරැදි කාරයෝ කරලා, ඔබලා හිතන් ඉන්නේ ඔබලා සුදනෝ වෙන්න දර්ශන හඳුන්ගොඩට මුකුත් කඩාවඩාගන්න...
උසාවියේ විභාගවන නඩුවක් හෝ අනාගතයේදී උසාවියේ විභාග වියහැකි නඩු නිමිත්තක් සම්බන්ධයෙන් කතා කිරීමේදී, සීමාවන් ඇතුව කතාකළ යුතුයි. ඒ සීමාවන් නොදැන, මයික් ටයිසන්ලා වෙන්න ගියාම මෙහෙම වෙනවා.
මේ කියපු කතාව ඇත්තද නැත්තද කියන එක නොවෙයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ දෙන්නාගේ නම් කීම තුළින් අපහාසයක් වුණා කියන එකයි...
දර්ශණ හඳුන්ගොඩට අතතියලා හත්පොලේ ගාගන්නයි යන්නේ...
ඔන්න කවුරු කවුරුත් පරිස්සම් වුණොත් හොඳයි. මීළඟට එන්න යන්නේ දැවැන්ත මාධ්‍ය මර්ධනයක්…!