(අංජුල මහික වීරරත්න)
මව්බිම සමෘද්ධිය කරා ගෙන යන අතර නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යා යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තබන පියවරේ දී සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට සියලුදෙනා අදිටන් කරගත යුතුයැයි ද ජනාධිපතිවරයා කීය.
රාමසාන් දිනය නිමිත්තෙන් ජනපති මෙම ප්‍රකාශය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරයි මේන් කියලා? අපි නොදන්න පින් ජනපති. දූෂිත දේශපාලුවන් ආරක්ෂා කරනවා. දින නියම කරපු පළාත් පාලන මැතිවරණයවත් තියන්න නොදී කරන හතුරුකම් රටම දන්නවා...
අම්මපා...
යෝජිත ප්‍රති තස්ත පනතෙනුත්, ජනතාවගේ ඡන්ද අයිතිය විනාශ කිරීමෙනුත්, ඔබේ ක්‍රියාවන් තුළිනුත් ඔබ මනාව ගරුත්වය පමනක් නෙවෙයි... මානව අයිතීන් පවා කාබාසිනියා කර දමනවා.
මානව ගරුත්වය රකින්න ඉස්සෙල්ලාම කළ යුත්තේ රටේ පවතින ව්‍යවස්ථාවට ගරු කරන එකයි, තමුන් මීට මාසයකට පෙර කිව්ව රටේ ව්‍යවසථාව පණමෙන් ආරක්ෂා කරනවා කියලා..., දැන් රටේ ලොක්ක වුණාම මිනිස්සුන්ට තියෙන මානව අයිතියක් වන ඡන්ද අයිතිය දෙන්නේ නැ... කාටද පච කෙලින්නේ. ඔබ ගැන ඔබම ලැජ්ජා විය යුතුයි. ඔබ රටේ මිනිසුන්ගේ කැමත්ත නෙමෙයි.
අපෙන් පඩි දෙන්නේ නිකන් සුරංගනා කතා කිය කියා ඉන්න නෙවෙයි. ඔය සුරංගන කතා නවත්තලා අඩුගානේ අර පර්ල් නැවේ අල්ලස් සිද්ධිය ගැන හොයලා බලනවා.
බම්බුව තමයි...!
පින් ජනපතිගේ වැදි බණ... පළාත් පාලන ඡන්දේවත් තියාගන්න බැරිව, දූෂිත දේශපාලුවන් රකින එකනේ කරන්නේ...?
ජනතාවට සේවය කරන්න ඕනෙ කියන හැඟීම රනිල්ට නැහැ. ඒ අවස්ථාවට මිනිස්සු මොනවා හරි රැවටෙන්න කියනවා.
පිස්සු කරන්න එපා ලොක්කා... ඔයාගේ අංකල් හදපු ධාර්මිෂ්ඨ සමාජය දිරවාගන්න බැරුව අපි තාම දුක් විඳිනවා.
මොන දේ කරන්නත් කොන්ද පණ තියෙන්න ඕනෑ. දන් ඔය නඩේ හැරමිටියෙන් යන කාලේ. පොල් බූරු රල තරුණ වයසේ ඉඳලා රට ගොඩ ගන්නවා. මේ ටික විතරයි ගොඩගියේ. නුඹලා ඉන්නකම් ඔය රට බන්කොලොත්. මූසලයි. කිසිම වගතුවක් නැහැ පව් නොදී යන්න.
මානව ගරුත්වය ජනතාව බලාගනීවි... ජනතාවට අවශ්‍ය මානව හිමිකම් රකින සමාජයක්... !!!
ඒ කියන්නේ අපටත් කවදාහරි පළාත්සභා මන්ත්‍රී කමක්වත් ලැබෙයිද?