(නිමල කොඩිතුවක්කු)
වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කීවේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇගිලි ගැසීම් පවතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය බලයට පත් වූ විගස ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්ව කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
ස්වාධීන දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදු කරන මේ ක්‍රියාවලියේ දී ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට එන්න පුළුවන්ද? ඔයාට අවුරුදු ගාණක් තිස්සේ ඔයා කියනවා. අපි අහනවා තවමත් බලයක් නැහැ... හිනා ගස්සන්න එපා මහත්මයෝ...
දැන් ඒ ම්ලේච්ඡ සිද්ධියත් දේශපාලකයින්ට ඡන්ද ගුණ්ඩුවක් වෙලා...!
ඔබතුමාවත් එය කළයුතුයි. මෙතෙක් කිසිම පාලකයෙක් යුක්තිය ඉටුවන කිසිම සාධාරණ වැඩක් කෙරුවේ නැහැ...
ඔබතුමා බලය ලැබෙනකම් ඉන්න එපා. පුද්ගලික මට්ටමින් මේ පිළිබඳව කමිටුවක් පත්කරලා කරුණු සෙවීම, සාක්ෂි එක්රැස් කිරීම දන්න පටන් ගන්න මේක ඉතාම බරපතල මිනීමැරුමක් නේද?
මේ වෙන්න ජනපති ඒ තනතුරට ආවම කරනවා කියලා මේ වෙනකම් දිවුරා පොරොන්දු වුණු කාරණා මෙයාටවත් මතකද දන්නෑ. හැබැයි පාස්කූ ප්‍රහාරය වෙලා පැය කීපයක් යනකොට මේ සිංහ නාද දාන මෙයත් ටික දවසක් යනකම් අතුරුදහන් වෙලා උන්නේ... ජනාධිපති හීනේ දැන් හොඳටම තදවෙලා. කමක් නෑ. ස්ථිරයි ඔයා ඊළඟ ජනපති නොවේ. මෙතෙක් කල් උන්නු අයගෙයි, ඔයාගෙයි වෙනස ඉස්සෙල්ලා රටට කියන්න. හිතළු නෙවෙයි..
බලයට ආවොත් ඒක කරන බව හැමෝම කියනවා නේද? බලයට එන්න ඉස්සර යමක් කරන්න බැරි ඇයි?
ඔක්කොම කරන්න බලයට එන්න එපායැ බලයට එයිද දන්නේ නැහැ...
බලය ගන්න හැමෝම එකඑක ජාතියේ පොරොන්දු දෙනවා. නමුත් බලයට ආවාම හැමෝගේම තියෙන්නේ එකම න්‍යාය පත්‍රයක්. ඒක අවුරුදු ගාණක් තිස්සේම ඉඳන් සිදුවෙන දෙයක්. ඔයාගේ ඉතිහාසය දිහා බැලුවාම ඒකේ වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා කෙනෙකුගේ ලේ, කදුළු උගසට තියලා බලයට එන එක වෙනුවට පොදුවේ රටේ සහ වැසියන්ගේ දියුණුවට ප්‍රායෝගිකව කළහැකි දෙයක් යෝජනා කරන්න.
අම්මෝ ඔව්, නියමෙටම දඬුවම් දෙයි... ඔයාගේ හැටි අපි දන්නවා... හරි උගත්, බුද්ධිමත් පුද්ගලයෙක් කියලා. අනේ මොවුන්ගේ දේශපාලනය නිකන් මෝඩ තකතීරු කතා කියන්න එපා. ඔබල එදා ඉඳලාම කරනවා කරපු එක දෙයක් කියපල්ලා... කවුරු ආවත් කරන එකම දේ ඒ සම්බන්ධව හොයන්න කොමිසම් පත් කරනවා. බොරුවට වියදම් කරනවා.. එච්චරයි කරපු දෙයක් නැහැ.
ඔව්... කවදාද?