(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් දෙකකට නව ලේකම්වරුන් පත් කර තිබේ.

 මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා ද ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය ද  පත්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .

ඔවුහු පරිපාලන  විශේෂ ශ්‍රේණියේ නිලධාරීහු වෙති.

 දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත්වේ.