(යොහාන් භාසුර)
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම පනතේ ඇතැම් වගන්තිවලින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කිරීම සුදුසු බවත් එහි සඳහන් වේ.
ත්‍රෛනිකායික මහනාහිමිවරු යොමු කළ ලිපිය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික නායකයෙක් ඔවුන් ගැන සොයාබැලිය යුතුයි.
ඔබ වහන්සේලා කරන්නේ කවුරුහරි සකස්කරණ ලියුමකට අත්සන් කරලා අදාළ පුද්ගලයාට අරින එක විතරයි. මේක ඉතාම ප්‍රාථමික කටයුත්තක්. ජනාධිපති හෝ වෙනත් පාර්ශවයක් මේවා ගණන් ගන්නේ නෑ. අඩුම තරමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්න තිබුණා. ඊළඟ පියවර ඇතුළත ශ්‍රී දළදා මාලිගාව අභියස සත්‍ය ක්‍රියාවක් කරන්න තිබුණා. ඔබ වහන්සේලා කාදිනල් තුමාව ආදර්ශයට ගන්න...
සාදු සාදු සාදු! හාමුදුරුවනේ, සාදු සාදු සාදු.
අනේ හාමුදුරුවනේ ලංකාව දැන්නම් හොඳින්ම ප්‍රපාතයට වැටීමට ඉතාමත් ආසන්න වෙලා තියෙන්නේ ඉතින් ප්‍රතිත්‍රස්ත පනත වගේ නීතියක් නැතුව නම් රට හදන්න බැහැ. ගුරු සංගම් දෙකේ නායකයෝ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න හදනවා කියලා කියන්න අවශ්‍ය නැහැ නේද? ඒ වගේම රට විනාශ කරන්න හදන වෘත්තීය සමිති කියාගන්නා මාෆියා කල්ලි ත්‍රස්තවාදීන් කියන්න පුළුවන් නේද? කොහොම වුණත් අස්ගිරියේ අනුනායක හාමුදුරුවෝ පීරිස් හා ඩලස්ට කියපු දේ ඉතාමත් නිවැරැදියි...