
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් කීර්ති)
පාස්කු දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (20) රාත්‍රී කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති පූජාවෙන් අනතුරුව ඊට සහභාගි වූ පිරිස කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා යන පා ගමන් ඇරැඹූහ.
රාත්‍රී විශේෂ දේව පූජාව පස්වරු 7.00 ට ආරම්භ වූ අතර පාස්කු ප්‍රහාරය නිසා වින්දිතයන් බවට පත් වූ පිරිස ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
පූජාවේ කටයුතු අවසන් වීමෙන් පසු ඊට සහභාගි වූ පිරිස පෙළගැසී කොච්චිකඩේ දේවස්ථානය කරා යන පාගමනේ කටයුතු සාමකාමීව ආරම්භ කරනු ලැබීය.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානය කරා ගමන් කෙරෙන මෙම පා ගමන වෙනුවෙන් කටුනායක -සිදුව ඇතුළු ස්ථාන කීපයක දී දන්සැල් පැවැත්වීමට ද සංවිධානය කර තිබිණි .
මෙම පිරිස හෙට (21) පෙරවරු 8.00 වන විට කොච්චිකඩේ දේවස්ථානය අසලට ළඟා වීමට නියමිත අතර එහි පැවැත්වෙන දේව පූජාවට සහභාගි වීමටද නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ඉස්සෙල්ලාම බෝම්බෙට අහු වුනා. දැන් එයාලා දේශපාලනේට අහු වෙලා. මේ ඔයාලව එක්ක යන්නේ දෙවියන් වහන්සේ ගාවට නෙමේ. ආගමික නායකයන්ගේ දේශපාලන සැලසුමක් ඉශ්ඨ කරල දෙන්න. අහිංසක මිනිහා හැමදාම ලොකු උන්ගේ සැලසුම් වල ඉන්න පුංචි ඉත්තො විතරයි. ඒකට හොඳම උදාහරනේ තමයි අරගලේ. එක පාරකට වඩා ඕනම කෙනක්ට ඔයාලව අන්දන්න දෙන්න එපා.
වින්දිතයන්ට සාධාරණය අපේක්ෂා වෙන් ඔබලා ගෙන යන අරගලයට ජයෙන් ජයම වේවා
කාදිනල්තුමා පවා මේ ප්‍රහාරය කලින්ම දැනගෙන හිටියා
ඒ මියගිය මිනිස්සුන්ව දේශපාලන ක්‍රීඩාවකට යෙදවීම පිලිබඳ අපිට කණගාටුවක් දැනෙනව. දැන් හැම එකටම පාස්කු ප්‍රහාරේ අරන් වටේ යනවනේ.
තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාද වෙනුවෙන් අර අන්ත අසරණ වෙච්ච මිනිස්සු යොදාගන්න එක නම් මහ කැත වැඩක් කාඩිනල්.
පාස්කු ප්‍රහාරය වෙන දිනය, වෙලාව, සථානය දැනගෙන සිටි ක්‍රිස්තියානි කාරයෝ ඒ බව පල්ලියට හෝ කාදිනල්ට ගන්වා නැත. සියල්ල සිද්ද වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුව බව සුද්දවූ බයිබලයේ සඳහන්ව ඇත.
අපේ පූර්ණ ආශිර්වාදය ඔබ සැමට