(ඉන්දිකා රාමනායක)

අම්පාර බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ තිබූ බොර 12 වර්ගයේ ගිනි අවියකින්  වෙඩි තබාගෙන මියගොස් ඇතැයි බණ්ඩාරදූව පොලිසිය පවසයි.

මෙම සිසුවා  පාසල නිම වී නිවසට පැමිණ නිවසේ තිබූ බලපත්‍ර නොමැති ගිනි අවිය රැගෙන නිවෙස පිටුපසට ගොස් මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිසුවා වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බණ්ඩාරදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.