(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන )
මධ්‍යම කඳුකරය පුරා අද 22 සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟෙ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝණ මීටර් 30 ක ජල ධාරිතාවයක් මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බව පොල්ගොල්ල වේල්ල භාර කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කියයි.
රාත්‍රී කාලයේදී වැසි තත්වය වැඩි වුවහොත් නිකුත් කරන ජල ප්‍රමාණය සහ විවෘත කර ඇති දොරටු ප්‍රමාණය වැඩි විය හැකි බැවින් ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටිය යුතු බව ද ඉංජිනේරු කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd