(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි පාසලක අටවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක චක්කරේ පාඩම් නොකිරීම  සහ පැවරූ වැඩ නොකළැයි කියමින් ඉදල් මිටකින් පහර දී ඇතැයි පොලිසිය කියයි.

 එම පාසලේ ගණිත ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ල ලැබුණු බව  ද  ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

පහරකෑමට ලක් වූ සිසුවිය ද කැටුව පැමිණ ඇයගේ මව විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

පහර කෑමට කෑමට ලක් වූයේ යැයි කියන සිසුවිය ගෙන් ද මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක් පොලිසිය විසින් ලබාගෙන තිබේ.

සිසුවියට රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව පවසන්නේ යැයි පොලිසිය කියයි.

පැමිණිලිකාර පාර්ශ්වය සහ සිසුවියට පහර දුන් බව කියන ගණිත ගුරුවරයා ද කැඳවා මෙම පැමිණිල්ල විභාග කිරීමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු යොදා ඇත.