(චන්ද්‍රසේන ගමගේ)

තිස්සමහාරාම කිරින්ද හාජියාර් ගම්මානයේ පවුල් 120ක් පමණ දැඩි පානිය ජල හිඟයකින් පිඩා විදිමින් සිටින බව එහි වැසියෝ පවසති.

හාජියාර් ගම්මානය රණසිංහ ප්‍රේමදාස මහතා  ලබා දුන් උදාගමක් බවත් විවිධ කාලවලදී එම ගම්මානයට පානීය ජලය ලැබුණු බවත් හාජියාර් ගම්මානයේ වැසියෝ කියති.

නමුත් දැන් වසර 30 ක පමණ කාලයක් සිට මේ ගමට වතුරු එන්නේ නෑ.හැමදාම හාජියාර් ගම්මානයේ අය වතුර නැතිව පීඩා විදිනවා යැයි ඔවුහු කියති.

අපි කොතකුත් ජලසම්පත් මණ්ඩලයට කිවුවත් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔවුන් අසමත් වෙලා. දැන් අපිට මේ ගමේ ඉන්න බැරි තත්වයකට ඇවිල්ලා. අපිට මේ ගෙවල් දොරවල් අතහැරල යන්න වෙලා තියෙන්නේ යැයි හාජියාර් ගම්මානයේ වැසියෝ කියති.

පහුගිය දිනවල මේ ගම්මානයේ බහුතරයක් ජනතාව නෝබ්බි අල්ලුවා.ඒ අය ඒ දිනවල හොද සෞඛ්‍ය තත්වයකින් පසු වන්නේ නෑ. ඒ අයට බොන්න වතුර ටිකක් දෙන්න ජලසම්පත් මණ්ඩලයට බැරි වුණ බවද ඔවුන් පවසති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රබල දේශපාලකයින් හිටියා. අපේ ගම වටේම ජල මූලාශ්‍ර තිබෙනවා. කිරිඳි ඔය ගලා බහින්වා. යෝද වැව තිබෙනවා.නමුත් අපිට ඒවායෙන් වතුර ටිකක් ලබා දෙන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න මේ පාලකයොන්ට බැරි වෙලා යැයි හාජියාර් ගම්මානයේ වැසියෝ පවසති.