IMG-LOGO

තිස්සේ ගමකට වසර 30කින් බොන්න වතුර නෑ

(චන්ද්‍රසේන ගමගේ)

තිස්සමහාරාම කිරින්ද හාජියාර් ගම්මානයේ පවුල් 120ක් පමණ දැඩි පානිය ජල හිඟයකින් පිඩා විදිමින් සිටින බව එහි වැසියෝ පවසති.

හාජියාර් ගම්මානය රණසිංහ ප්‍රේමදාස මහතා  ලබා දුන් උදාගමක් බවත් විවිධ කාලවලදී එම ගම්මානයට පානීය ජලය ලැබුණු බවත් හාජියාර් ගම්මානයේ වැසියෝ කියති.

නමුත් දැන් වසර 30 ක පමණ කාලයක් සිට මේ ගමට වතුරු එන්නේ නෑ.හැමදාම හාජියාර් ගම්මානයේ අය වතුර නැතිව පීඩා විදිනවා යැයි ඔවුහු කියති.

අපි කොතකුත් ජලසම්පත් මණ්ඩලයට කිවුවත් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔවුන් අසමත් වෙලා. දැන් අපිට මේ ගමේ ඉන්න බැරි තත්වයකට ඇවිල්ලා. අපිට මේ ගෙවල් දොරවල් අතහැරල යන්න වෙලා තියෙන්නේ යැයි හාජියාර් ගම්මානයේ වැසියෝ කියති.

පහුගිය දිනවල මේ ගම්මානයේ බහුතරයක් ජනතාව නෝබ්බි අල්ලුවා.ඒ අය ඒ දිනවල හොද සෞඛ්‍ය තත්වයකින් පසු වන්නේ නෑ. ඒ අයට බොන්න වතුර ටිකක් දෙන්න ජලසම්පත් මණ්ඩලයට බැරි වුණ බවද ඔවුන් පවසති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රබල දේශපාලකයින් හිටියා. අපේ ගම වටේම ජල මූලාශ්‍ර තිබෙනවා. කිරිඳි ඔය ගලා බහින්වා. යෝද වැව තිබෙනවා.නමුත් අපිට ඒවායෙන් වතුර ටිකක් ලබා දෙන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න මේ පාලකයොන්ට බැරි වෙලා යැයි හාජියාර් ගම්මානයේ වැසියෝ පවසති.

 



අදහස් (2)

තිස්සේ ගමකට වසර 30කින් බොන්න වතුර නෑ

Wadhisinghe Sunday, 23 April 2023 08:47 AM

තව අවුරුදු තිහක් පවතින දේශපාලනයට ම ඡන්දෙ දීපල්ලා

:       1       4

SURATHALA Sunday, 23 April 2023 03:13 PM

ජනතාව පදිංචි කිරීමට, ප්‍රථම ඔවුන්ගේ යටිතල පහසුකම් සපුරා දිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site