(අංජුල මහික වීරරත්න)

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවද අමාත්‍යවරයා කීය.

පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් කී ඇමතිවරයා අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය. 

කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන්  උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.