
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනපතිගේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කළොත් ශ්‍රී ලංකාවට ලෝකයට ණය දෙන රටක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රටක් ණය ගත් විට එ් ගත් ණය මුදල් හසුරුවන ක්‍රම සහ ඒ ණය ගෙවන ක්‍රමය නිසියාකරව හැසිරවිය යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා එවිට රට ලෝකයේ බල සම්පන්න රටක් බවට පත්වීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
රටේ සංවර්ධනය සඳහාත් රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනයාම සඳහාත් ත්‍රස්තවාදය මර්දනය කළ යුතු බවද ඒ සඳහා ත්‍රස්තවිරෝධී පනත ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් දේශපාලන කණ්ඩායම් ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන බවද ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා මෙවැනි පනත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙන බව ද අබෙිවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයකින් පාර්ලිමේන්තුවටවත් එන්න බැරි කෙනෙක් කියන කතා.
සභාපතිතුමා විපක්ෂයේ විරෝධතා මැදින් ගේන්න හදන පනත මේ රටට ඉතාමත් අවශ්‍ය එකක් තමයි. මේක ගෙනාවොත් විදේශීය රටවල් ලංකාවට විරුද්ධ වේවි. නැත්නම් ආධාර නොදීම කරාවි වගේ මනක්කල්පිත අදහස් වැපිරීම කරනවා. ඒ නිසා මෙම පනත ගේන්න පෙර තානාපතිලා මෙන්ම මහ කොමසාරිස්ලා ගෙන්වා ජෝෂප්ලා, මහින්දලා වෘත්තීය සමිති කාරයෝ කරන අකටයුතුකම් පිළිබඳව දැනුවත් කරන්න දරුවන්ට අධ්‍යාපනය අඩාල වීමට එවුන් කරන ද්‍රෝහීකම් පෙන්වා දෙන්න ස්ටාලින්ලා, මහින්දලා පුද්ගලික හේතු මත සිදුකරන ළමා හිංසනයන් පැහැදිලි කරන්න. ලෝකයා නම්මාගෙන පනත සම්මත කරන්න රටේ දියුණුව ඇතිකරන්න ගෝඨාභය ගේන්න ඉස්සෙල්ලා ජනතාව කිව්වේ මොකක්ද? රටට ඒකාධිපතියෙක් අවශ්‍යයි කියලා නේද? ඔහුට එම ඉල්ලීම කරන්න බැරිවුණා. එනිසා ඔය පනත ගෙනැවිත් ඔය සංගම් පරදා රටේ සංවර්ධනය කරන්න...
දැන් ඔය කියන රනිල් මහත්තයා 1977 ඉඳලා දේශපාලනයේ ඉන්නවා නේද? රටේ වැඩිම වාර ගණනක් අගමැති ධුරය දරපු කෙනා නේද? තවමත් බැරි වුණාද ඔය කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ලෝකෙට ණය දෙන්න යන්න කලින් යාළු මිත්‍රයෝ ටික එකතු වෙලා අරන් තියන ණය කන්දරාව පියවලා ඉමුකෝ. ඊට පස්සේ මේ රටේ මිනිස්සුන්ට ඉන්න පුළුවන් විදියේ පරිසරයක් හදන්න. බොහෝ අය රට හැර යන බව ඔබතුමා දන්නේ නැතුව ඇති. අපිත් මේ ඉන්නේ වෙන විකල්පයක් නැති නිසයි.
වජිරගේ මේ කතාවෙන් පස්සේ මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ ලංකාවේ ණය ගන්න...
සමහර වෙලාවට හෙඩිම දැක්කාම, කිව්වේ කවුද කියලා අමුතුවෙන් හොයන්න ඕන වෙන්නේ නෑ. පොඩි උන්ගේත් විහිළුවල සීමාවක් තියෙනවා.
ත්‍රස්තවාදයක් රටේ නැති කොට ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක කිරීම මහජන ඡන්දයකින් පත්නොවි ජනාධිපති වුණා වගේ...
මේ නොනවතින අරගලය හරියටම අපි ඉවර කරලා ඔබලා සහ ඔබලා රැකගෙන සිටින හොර නඩය එළවා දැමූවිට අපිට මෙවැනි බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන් වෙයි...
ගොඩක් දේවල් හරියට කරගන්න බැරි කෙනා කොහේද මේවගේ හරියට කරන්නේ...? අනේ යන්න ජෝක් කරන්නේ නැතුව...!
කරපු හැටි තමයි දැන් අපි ලෝකෙන් හිඟාකන්නේ .තව කලත් ඔච්චර තමයි
හරියට කළොත් ලෝකෙටම ණය දෙන්න පුළුවන්ලු. හරියට කරන්න නම් දැන් ඉන්න දේශපාලක සෙට් එක බැරල්වල දාලා කොන්ක්‍රීට් කරලා මුහුදේ දමන්න ඕනේ...
හරියට කරන්නේ කොහොමද සජියා, රාජිතයා වගේ අයට ඇමැති, අගමැතිකම් දීලා...? ඉස්සෙල්ලාම ඔවුන්ට දෙන පැන්ෂන් එක බදු රහිත වාහන නවත්වන්න.
ඔය පුරසාරම් කෙළින්න ඉස්සෙල්ලා, අර බංග්ලාදේශයෙන් ගත්තු ණය ගෙවලා ඉන්න...!
මේ විහිලු කතාවලට දෙකොනින්ම හිනා යනවා .
විහිලුත් දැක්කා අම්මප මෙහෙම විහිලුකාරයෙක් දැක්කෙ කාලෙකට පස්සෙ. අමාරිස් අය්යගෙ පුනරුත්පත්තියද මේ.
ඔව්... වජිර අබේවර්ධන වැනි කප්පම්කාරයන් දේශපාලන භූමියෙන් ඉවත්ව ගියොත්..
ඓ් බං වජිරො,කටෙන්ද බං කථාකරන්නෙ.
යුඑන්පී එකේ වැඩියෙන්ම ගොන් ආතල් දෙන එක්කෙනා මෙයා. පොහොට්ටුවේ ඉන්නේ සාගර ලොක්කා
තවම බැරි උනාද ඔය කියන "හරියටම කරන්න " මේවගේ මිනිස්සු ද මේ රට නඟා සිටුවන්න කතාකරන්නේ. මෙච්චර කල් මොනවද කෙරුවේ. හොරකම් විතරද හරියටම කෙරුවේ . අඩුම ගානේ රටක් තියා තමන්ට පුලුවන් උනාද චන්දෙකින් පාර්ලිමේන්තු එන්න. මේ මිනිස්සුන්ගේ ගෙවල්වල මිනිස්සුවත් කියන්නේ නැද්ද මේවගේ ගොන්, මෝඩ චූන් කතා කියන්න එපා කියලා. ඒ මිනිස්සුන්ටත් විලි ලැජ්ජාවේ බැරුව ඇති පාරේ බැහැලවත් යන්න. බංගලිකරයෝන්ගෙන් ගත්තු ණය ගෙව්වනම් ඉස්සෙල්ලා , කොරෝනා එන්නත් දීල හාල් ගත්තා නේද. මේවගේ හිඟන වැඩ ලෝකේ කොඉ රටද කරලා තියෙන්නේ. තව ලෝකෙට ණය දෙන්න කතාව. මුන්ගේ මේ කතාවලට තමයි මිනිස්සු පසුගිය දවස්වල උත්තර දුන්නේ. තවත් ලැජ්ජා නැතිව කියවන හැටි.මේ මනුස්සයනම් පව්. ඉතිං මොනවා හරි කටු කැල්ලක් බලාගෙන මේ කියවනවා ඇත්තේ.
මේ විහිළුව දැකලා සමහරුන්ගේ මොලත් කොලොප්පං වෙලා වගේ කමෙන්ට් දැක්කාම පේන්නේ...
මෙයා කතා කරන්නේ හරියට මීට ඉස්සර පාර්ලිමේන්තුවේ හිටපු නැති කෙනෙකු විදිහටනේ... නිදාගෙනද දන්නේ නැහැ හිටියේ..?
මෙයා දවල් හීන දකිනවා...
මේ දවස්වල රස්නෙයි, වැඩිය එළියේ ඉන්න එපා... පිස්සු හැදෙනවා.