(ඉන්දිකා  රාමනායක)

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගෑස් සිලින්ඩර  54 ක්  කිසිවකු විසින් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ගෑස්  සිලින්ඩර  තොගයේ වටිනාකම  රුපියල් 4, 32,000 බව පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ඊයේ (21) ඒ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මෙම ගෑස්  සිලින්ඩර  තොගය සොරා ගත් නිශ්චිත දිනයක් මෙතෙක් අනාවරණය වී නොමැත.