(සුජිත් හේවාජුලිගේ )
මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට එක් කෙරුණු එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කළ බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ එළු මස් ව්‍යංජනය බොහෝ මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය වූ ආහාරයක්විය.
මේ අතර පාර්ලිමේන්තු දිවා ආහාර වේලට ඇතුළත් කෙරුණු ආහාර වර්ග ප්‍රමාණයද (Items ) අධික මිල ගණන් හේතුවෙන් අඩු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වාර්ෂිකව වැය කරෙන මුදල රුපියල් කෝටි 12 කට ආසන්නය. එසේම පාර්ලිමේන්තුව දිනක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ බොහෝ වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ.. මෙහේ පාර්ලිමේන්තුවේ වත් දවසක වියදම මෙච්චර නැහැ. ඇයි මේ තරම් වියදම් කරන්නේ...? රුපියල් කෝටියක් කියන්නේ යුරෝ 30,000ක් විතර.. එච්චර මුදලක් දවසකට පාර්ලිමේන්තුවේ නිකමුන්ට වියදම් කරොත් මෙහේ මිනිස්සු පාර්ලිමේන්තුව ගිනි තියයි.
පාර්ලිමෙන්තුවේ ඉන්නේ හිඟන්නෝ නෙමෙයි, ඔය මුදල්වලින් අසරණ මිනිස්සුන්ට කෑමදෙන්න. ඒක ලොකු පිනක්. රට කොහේ දියුණු වෙන්නද හැමදේම පිනට අරගන්න බූරුවෝ ඉන්නකන්... රට වැසියෝ අන්ත දුක් විඳිනවා... මොවුන්ට රජ සැප...
ඔතන ඉන්න කට්ටිය පොදු ජනයාගේ රීරි මාංශය උරාගෙන කන ආකාරයට දෙන්න ඕනේ බලුමස්... එළු මස් නොවේ....
සතපහක වැඩක් මහ ජනතාවට නොකරන පාර්ලිමේන්තුවේ ඉන්න නිකමුන්ට දවසකට ඇයි මේ කෝටියක්..? මං ජීවත් වෙන්නේ ප්‍රංශයේ... රුපියල් කෝටියක් කියන්නේ මෙහේ යුරෝවලින් 30,000 ක් වගේ මුදලක්..මේ වගේ ගානක් දවසකට මෙහේ පාර්ලිමේන්තුවට කවදාවත් වියදම් කරන්නෙ නෑ...එහෙම කරොත් මිනිස්සු ගිනි තියයි පාර්ලිමේන්තුව...
දෙන්න ඕනේ රිලා මස්...
මොවුන්ට බලුමස් තමයි හොඳ...!
මේ අමන මරි මෝඩ කපටි මැරයින්ගේ සභාව රැස්වෙන දවසට නැවුම් පළතුරු හෙලිකොප්ටරයක් යොදවා කෙලින්ම පිටරටින් ගෙන්වන බව මම අසා තිබෙනවා. කොහොම වියදමක් ඇද්ද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි..., රට පත්ව ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කිරීම වෙනුවෙන් දිනකට රුපියල් කෝටියක් වැයවීම සම්බන්ධයෙන් සොයාබලන්න. මෙය අඩකින් අඩුකිරීමට ඔබතුමන්ට හැකි බව අපි දන්නෙමු. රට වෙනුවෙන් සෘජු තීරණ ගතහැකි කශේරුකාවක් ඇත්තේ ඔබතුමන්ට පමණක් බව, රටේ ජනතාවට ඒත්තු ගොස් ඇත...
පාර්ලිමේන්තුව පැවැත්වීමට දිනකට කෝටියක් ඉක්මවා වියදම් කරන්නේ ජනතාවගේ මුදල් නේද? ඇත්තටම රටේ මිනිස්සු කෑම කන්නේ කොහොමද කියලා දන්නේ ලිප විතරක් වෙන්න පුළුවන්... ඇත්තටම පාර්ලිමේන්තුවේ කෑම මෙතරම් සුඛෝපභෝගි නොවී සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් නැත්නම් අන්ත දුප්පත් පවුල්වල අය මෙන්ම දරුවන්ට ලැබෙන ආහාර වේලක් (රටේ ජීවනාලිය වන ගොවීන්ගේ, කම්කරුවන්ගේ) රස බලන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලුවන් හා දහසක් ඉක්මවා සිටින නිලධාරින්ට අදහසක් පහළ වේවා...!
මේ අයට කන්න දෙන්න ඕනෙ තණකොළ...
කට්ටියගේ සයිස් එක දැක්කාම හිතාගන්න පුළුවන්... කොහොම කෑමක් කනවා ඇතිද කියලා... මේ රටේ සාමාන්‍ය ජනතාව ලෙවකාලා මොවුන්ට රජබොජුන් දන්සැලක් දෙනවා.
ජනතාව බඩගින්නේ තියලා මේ හාල්පාරුවෝ එළුමස් කනවාද? මොවුන්ට කවන්න ඕනේ මිනීමස්...
එලූමස් බදින හරක්....දීපියව් පූන්නක්කු. එකත් හොද වැඩියි. කවපියව් අසූචි.
මම නම් හිතන්නේ ඔතන ඉන්න අම්බරුවෝ එකඑක කැන්ටිමට ගත්තානම් රටට සෙතක්. සමහර අය සතියකට ඇතිවෙන තරම් විශාලයි කොහොමත්...
අසරණ රටවැසියා දරුවන් හාමතේ ඉඳිද්දී ඒ අසරණයින්ගේ බදු මුදලින් රසමසවුළු බුදින මේ කාලකන්නින්ට ලේ බඩ ගොස් මකබෑ වේවා...
කිසිම ලැජ්ජාවක් සහ හිරිකිතයක් තියෙනවා නම් මොවුන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙලා මෙම ආහාරවේල නිදහස් කරන්නට කටයුතු කරන්න ඕනේ... එහෙම දෙයක් සිදුවන වැදගත් පවුල්වලින් පැවත එන අය පාර්ලිමේන්තුවට එන්න ඕනේ. එහෙම අය දැනට එතන නැහැ. කෙනෙක් දෙන්නෙක් හැරෙන්න.