(අජන්ත කුමාර අගලකඩ)
රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
එසේ බදවා ගනු ලබන සේවකයන් අතරට,නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්ත ව සිටින බව ද දැනගන්නට ඇත.
එසේ තිබියදී මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බව එම ආයතනයේ සේවකයෝද සඳහන් කරති.
රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කර ඇති අතර, ඒවායේ බඳවා ගැනීම් ද මුදල් අමාත්‍යංශය විසින් අත්හිටවනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට උඩින් වැඩ කිරීමට පුළුවන් කෙරුමන් ඉන්න රටක, නීතිය නවන්න පුළුවන් අය ඉන්න රටක මොනවද මේ කතා..? මේක අන්ධයින්, ගොලුවන් බීරන් පාලනය කරන රටක්...
ඒකෙ නම කියන්න බැරිද?
කොහොම නමුත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම කලාම ඔහොම නීති කඩපු එවුන්ට වගේම ඔය රැකියා සදහා යන අයටත් උපරිමයෙන් දඩුවම් දීමට අභිනවයෙන් පත්වෙන ජනාධිපතිවරයාට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු එසේ නොකලොත් කිසිදාක මේරට හදන්න බැහැ මාලිමාවට ජයවේවා !!!
Ruler is habitually disabled !