(යොහාන් භාසුර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද පරීක්ෂණ දෙක කඩිනමින් නිම කර පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ඉදිරියට මෙවැනි තත්වයන් නොවීමට කටයුතු කරන ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (24) උපදෙස් දුන්නේය.
ඕස්ට්්‍රලියාවේ මෙල්බන් නුවරදී ගුවන්යානයේ පරිගණක පද්ධතියේ තිබු දෝෂයන් නිසා යානය මෙල්බන් ගුවන්තොටුපලේ රඳවා තබාගැනීමට සිදුවු බවත් එම සිද්ධිය පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකන් ගුවන්සේවය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.
එම පරිගණකයේ කොටස් නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වන විට කටයුතු කර තිබෙන බැවින් එම පරීක්ෂණ නිම වු පසු වාර්තාව ප්‍රසිද්ධ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි ගමනට යොදගත් ගුවන්යානාවේ අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇති වු ප්‍රශ්නයක් මත එම යානාව නැවත කටුනායක ගුවන්තොටුපල වෙත එවීමට සිදු වු බව ද සදඟන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මෑතකදී සිදුවු සිද්ධීන් පිළිබඳවත් එම අඩු පාඩු නිවරදි කර ගැනීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණ.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ පරිපාලනයත්, ඉංජිනේරු අංශයත්, සිවිල් ගුවන්සේවා අධිකාරියත්, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමත්, නියෝජනය කරමින් නිලධාරීහූ පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යානයක් කඩාවැටිලා, ජීවිත විනාශ වෙන්න කළින්... ඕක වහලා දාන්න. නැතිනම් විකුණලා දාන්න.
ඔය කුණුගොඩ වලක් කපලා වහලා දාපන්...!
ඕකට පිළිතුර හොයාගන්න පුළුවන් වෙයි... ගුවන් යානා සෑහෙන පමාණයක් අලුතින් බදුගන්න වලිකන උදවියගෙන්ම අහන්නකෝ... හොරාගේ අම්මාගෙන් පේන අහන්නකෝ...
දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ආයේ නම් බයවෙන්න දෙයක් නෑ.
ශ්‍රී ලන්කන් ආයතනය තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැත්තේ නම් කඩිනමින් සාර්ථක විදේශ ගුවන් සේවා ආයතනයකට ලබාදීමට පියවර ගත යුතුයි.
ඒක විකුණන්න
බිම යන කෝච්චිවල ලෙඩේ උඩ යන ඒවටත් බෝ වෙලා වගේ
මගේ අම්මෝ උඩින් ගිහින් නිකම් මැරෙන්නේ මොනවාටද ? අනික ,ලංකාවට යන්න වෙන ගුවන් සේවාවන් තියෙනවා ශ්‍රී ලන්කන් එකට වඩා ලාබ. මේක සිරිපාලගේම ගේමක් කියලයි ගුවන් සේවයේ අය කියන්නේ.මිනිහා අලුත් ප්ලේන් 3 ක අවශ්‍යතාවයක් ගැන නොකියා කියනවාලු.අනිවාර්යයෙන්ම නියම ගැහිල්ලක් ගහයි. බෙහෙත් වගේ නොවෙයි මේ එයා බස් , සල්ලි සල්ලි ..සිරිපාලට පිහිනන්න සල්ලි.ජපනාගෙන් අල්ලස් ඉල්ලලා නා ගත්ත සිරිපාල මේ ගහන්න යන්නේ ඒ වගේ සිය ගණනක ගැහිල්ලක්. පැරිසියේ කරවල කඩේ කරන මල්ලිව ශ්‍රී ලන්කන් එකේ සභාපති කරන්න යන කතාවකුත් මේ දවස්වල පැරිසියේ ශ්‍රී ලාංකිකයින්ගේ තුඩ තුඩ රව්දෙනවා.එකත් වැරදි නැහැ...මහින්දට පුලුවන්වුනානම් අට පාස් මිනිහාගේ මස්සිනාව ශ්‍රීලන්කන් එකේ සභාපති කරන්න , ඕ ලෙවල් පාස්වෙලා කරවල කපන මල්ලිව ඔය සහාපති වැඩේට ගන්න සිරිපාලට බැරි මොකද ? මොනවාවුනත් මමනම් දන්නා දන්නා ඔක්කොටම,සුද්දන්ටත් එක්කම කියනවා ශ්‍රී ලන්කන් යානාවලින් ලංකාවටත්,ලංකාවෙනුත් යන්න එපා කියලා.
නිමල් උඹලාගේ දේශපාලන දෝශය නිසා රටම කඩා වැටිලා. ප්ලේන් නම් මොනාද නිමල්. අපේ බදු සල්ලි වලින් ජීවත් වෙද්දි සෝක් නේද නිමල්.
නිදාගෙන හිටියෙ. ගුවන් යාන ගන්නකොට ලැබෙන කොමිස් එක ගැන හීනයක් දැකල ඇහැරිල ද මන්ද
හිටපු සබාපතියාත් පවුලේ එකෙක් මිසක් කිසිම උගත්කමක් සුදුසුකමක් නැති එකෙක්. පුලුවන් තරම් හොරකම් වන්චා දූෂණ කෙරුවා මිසක් ,කිසිම දෙයක් ගැන හෙව්වේ නැහැ.