රජයේ ඉඩමක් බදු දුන් පොහොට්ටු පුංචි මන්ත්‍රී මාට්ටු පුත්තලම මහකුඹුක්කඩවල වල්පාලුවේ පිහිටි රජයට අයත් අක්කර දෙසීයක ඉඩමක් විදේශිකයකුට බදු දී රුපියල් මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන පොදුජන පෙරමුණේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 25 February 2023
වෙරි වැඩි වී වෙද නළාව පැහැරගෙන පිස්තෝලයක් පෙන්වා විශ්‍රාමික වෛද්‍යවරයකු යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ වෙද නලාව උදුරාගත්තේ යැයි කියන ව්‍යාපාරිකයෙක් හලාවත මූලස්ථානපොලීසිය විසින් පෙරේදා 23 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 25 February 2023
එජාපය අලුත් මන්ත්‍රීන් පත් කිරීම කඩිනම් කරයි එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබේ. 24 February 2023
කැබිනට් යෝජනා කීපයක් ජනපති හරවා යවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මේ අවස්ථාවේ ඉදිරිපත් නොකිරීමට තීරණය වී තිබේ. 24 February 2023
පිරිවෙන් සමුළුව - බබලයි ලක් මව දිවයිනේ පිහිටි සියලුම පිරිවෙන් හා බෞද්ධ සිල්මාතා අධ්‍යයන ආයතන පරිවෙණාධිපති ආචාර්ය ස්වාමින්වහන්සේලා, සිල්මාතා ආයතනාධිපතිවරුන් සහ ක්‍රියාකාරීන්ගේ ජාතික සමුළුවක් අද (24) පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි. 24 February 2023
ජනාධිපති ප්රජාතන්ත්රවාදය-ඡන්ද අයිතිය හාස්‍යයට ලක්කළා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් වරප්‍රසාදවලට, ජනාධිපති මුක්තියට මුවා වී ප්රජාතන්ත්රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතියත් හාස්‍යයට ලක්කළ බව සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය. 24 February 2023
ෆවුසිට ඇප ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු ඇප මත මුදාහැරීමටද නියම කළේය. 24 February 2023
කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ. 24 February 2023
සිසු විරෝධයට ආ ගුරුන් ගැන පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පැමිණීම සමඟ ඊයේ (23) ඇති වූ කලබලකාරී වාතාවරණය අතරතුරදී එහි සිටි ගුරුමාරු මණ්ඩල නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි. 24 February 2023
පුංචි ඡන්දය ගැන ඉඟියක් මාර්තු 3 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය. 24 February 2023
වසන්ත ඇතුළු පිරිස 27 තෙක් රිමාන්ඩ් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 24 February 2023
විනිසුරුවරුන්ගෙන් බදු අය කිරීමේ වළකන අතුරු නියෝගය දිගු කරයි මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය ලබන මස පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළේය. 24 February 2023
ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වාහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංයේ ඊයේ (23) පැවැති විරෝධතාව අතරතුරදී ඉසුරුපාය පරිශ්‍රයේ සිවුවැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලිසිය පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද (24) විරෝධතාවක් දැක්වීය. 24 February 2023
සජබෙන් පොලිස්පතිට පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය 24 February 2023
පිළියන්දලත් පන්දම් විරෝධයක් විදුලි බිල දරන්න බෑ ගෙවන්න බෑ. ජන අයිතීන්ට අත නොතබනු, වැඩි කළ විදුලි ගාස්තු පහත හෙලනු, ජනතාවට සහන දෙනු යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව පන්දම් දල්වා විරෝධතාවයක් පිළියන්දල කොළඹ මාර්ගයේ පිලියන්දල නගරයේ ඔරලෝසුව කණුව අසලදී රී පැවැත්විණි. 24 February 2023
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විදේශ සහය සොයයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් සංවර්ධන නියෝජිත ආයතනවල සහය ලබාගැනීම වෙනුවෙන් විදේශ ආයතනවල සහය ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 24 February 2023
පාසල් නිල ඇඳුම් බෙදා දීම අරඹයි පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 24 February 2023
වෙඩික්කරුවෙක් කොටහේනෙන් අල්ලයි ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියකින් පැමිණ කොටහේන ගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 24 February 2023
මැතිවරණය කල් දැමීම ගැන ලංකා සභාවෙන් නිවේදනයක් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 February 2023
සංචාරකයන් ගෙන්වන හැටි ජනපති ගාල්ලේ දී කියයි වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 February 2023
විදුලි සැපයුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිබල අමාත්‍යංශයේ දීර්ඝ කාලින ජනන සැලසුම සහ රජයේ ප්‍රතිපත්තිය අනුව වසර 2030 වන විට සමස්ත විදුලි සැපයුමෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට, වසර 2050 වන විට කාබන් උදාසීනත්වය ලබාගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීම යෝජිත යැයි විදුලිය හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 24 February 2023
බොරතෙල්වලට මොනවා වෙයිද? පසුගිය මාස කිහිපයේ බොරතෙල් මිලේ විශේෂ වෙනස් කමක් සිදු නොවූවත් ඉදිරියේදී එය වෙනස් වනු ඇතැයි ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත. 24 February 2023
සභාපති පුටුවේ ප්‍රශ්නයට මැතිසබය රත්වෙයි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම කිරිම සම්බන්ධයෙන් ඇතිවූ වාද විවාද හේතුවෙන් මැතිසබය අද (24) පෙරවරුවේ උණුසුම්විය. 24 February 2023
බිල්පත්වලින් සියයට 53 ගෙවා අවසන් නව රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් සියයට 53ක් හෙවත් රුපියල් කෝටි 19100ක මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 24 February 2023
නාවික හමුදා මෙහෙයුම් වලට නවීන රථ තුනක් නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කොටස් එකලස් කර දේශියව නිෂ්පාදකය ක වාහන 3 නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත පසුගියදා නිල වශයෙන් නාවික හමුදා මුලස්ථානයේ දී සිදුකෙරිණ. 24 February 2023
තණකොළ කෘෂි බෝගයක් ලෙස නම් කරයි සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 24 February 2023
ජනපති ආරක්ෂක දිසාව බාරව නව නි.පොලිස්පතිවරයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 24 February 2023
ක්න්ටේනරය කොට උඩ තබා රෝද ගලවාන යයි මෙරටුව එගොඩ උයනේ වසා දමා ඇති කර්මාන්ත ශාලා භූමියක ගාල් කර තිබූ ක්න්ටේනර් රථයක රෝද 11ක් සහ තවත් උපාංග රැසක් සොරාගත් බව කියන සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය කියයි. 24 February 2023
කෝපා කමිටුවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය. 24 February 2023
අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් ප්‍රචණ්ඩකාරී ශිෂ්‍යයන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලද ගුරු මණ්ඩලයේ දෙදෙනා තමා මැදිහත් වී නිදහස් කරගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026