(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගැසට් කරන ලද මිලට වඩා රුපියල් 9 ක් වැඩිපුර බිත්තරයකින් අය කර විකුණමින් සිටි පිළියන්දල මොරටුව පාරේ වෙළෙන්දකුට එරෙහිව නීති මගින් කටයුතු කර එහි තිබූ බිත්තර තොගය නියමිත මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් අද කටයුතු කළේය .
වෙළඳසැලේ දොර වසා අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළඳසල තුල බිත්තර 3120 ක් පෙට්ටි 12ක් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම බිත්තර ගැසට් කරන ලද නියමිත මිලට එනම් රුපියල් හතලිස් හතර බැගින් අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් ෙ වෙළෙන්දාට නියෝග කළ අතර ඒ අනුව එම අවස්ථාවේදීම පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ බිත්තර මිල දී ගන්නා අයුරු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලෙන්දන් සහ නිශ්පාදකයින්ගෙන් තොර රටක් නිර්මාණය.....70-77 සිරිමා බණ්ඩාරනායක යුගයට ආපසු ධාවනය.... අධි වේගයෙන්.....