IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගිනිගත් නැවේ කප්පම් කරුගේ නම එළියට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250 යනුවෙන් සඳහන් වන බවද ඔහු කීවේය.

තමාට ලැබී ඇත්තේ සාක්ෂියක් නොව තොරතුරක් බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ නෞකාවෙන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට විවිධ බාධා ඇතිවුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නයි නීතිපතිවරයා උපදෙස්දී තිබියදී එය මුදා හැර තිබූ බව පවසන රාජපක්ෂ මහතා නැව මුදා මුදා හැරීමට නියෝගය ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹගේ මහතා බවද සඳහන් කළේය.

මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා මහතාගේ නම බවත් විජයදාස රාජපක්ෂ මහතා කීවේය.

මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා මහතා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම කවුරුන් හෝ බාර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

"එදා නැවට යන්න දුන්නු නිසා අධිකරණවල නඩු දෙක තුන දාගෙන විත්ති කාරයෝ හොයාගන්න බැරිව සිතාසි ටික බෙදාගන්න බැරුව අපි දුක් විඳිනවා.අපේ අලාභය ලැබෙන්නෙත් නෑ. හානියට වන්දියක් ලැබෙන්නෙත් නෑ."

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීනීතිඥ චන්දිම වීරක්කොඩි මහතා:

මේ වන්දිය මීට අවුරුදු දෙකකට කලින් ලබාගන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ කාරණය හොයන්න ඕන. චාමර ගුණසේකර කියන නම මටත් ආවා.ඔහු කවුද ඔහු කවුරු වෙනුවෙන් ඒ මුදල ලබා ගත්ත ද කියන එක හොයන්න ඕන. මුදල් ගනුදෙනුවක් නිසා වන්දිය ප්‍රමාදයක් වුණාද කියන එක සොයන්න ඕන . ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා;

මේ නැවෙන් සමස්ත ජන ජීවිතයටම විශාල හානියක් සිදු වුණා. බටහිර වෙරළට අද වුණත් ගිහිල්ලා බලන්න. මේ හානිය දිනෙන් දිනම සිදු වෙනවා. ප්ලාස්ටික් කෑලි අදටත් ගොඩක් ගහනවා. අපේ මත්ස්‍ය සම්පතට විශාල බලපෑමක් වුණා. නඩුව සිංගප්පූරුවේ පවත්වන්න අපි එකඟත්වයදී තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව ගැන එක එක නම් සඳහන් වෙනවා. මේ ගැන තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන. මේ විනාශයට ගෙවන සුළු ගාණත් නවත්වලා. ප්ලාස්ටික් කෑලි ටික එකතු කරගන්නවත් මුදල් ටික දෙන්නෙ නෑ.

මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා:

එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන මම යමක් කියන්න ඕන. වන්දිය ප්‍රමාද වුණා නම් ඒකෙ වගකීම ගන්න ඕන හිටපු අධිකරණ ඇමතිවරුන් දෙන්නා.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

නැව නිදහස් කරගන්න එපා කියලා නීතිපතිතුමා කියලා තියෙද්දී තමයි නැව නිදහස් කරගෙන ගිහිල්ලා තියෙන්නෙ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැව නිකුත් කරන්න ඉල්ලලා නෑ.

නාලක ගොඩහේවා මහතා:

මම කිසිම අවස්ථාවක නැව නිදහස් කරන්න ඉල්ලලා නැහැ. ඒකට යන්න දුන්න එක වැරදියි කියන මතයෙ තමයි මමත් ඉන්නේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා:

මේකෙ චෝදනාව සම්පූර්ණයෙන්ම තියෙන ඔබතුමාට.

විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මේ සිද්ධිය ඇතිවුණේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව තුළ. එතකොට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද. රජයට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ. මේ නඩුව සිංගප්පූරුවේ දාන්නෙ ඇයි. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි.

විජයදාස රාජපක්ෂ මහතා

කිරිඇල්ල කරපු ප්‍රකාශය වරදක්. නීතිපති උපදෙස් අනුව තමයි අපි කටයුතු කළේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා:

මෙතන ඉන්න බක පණ්ඩිතයෝ දෙන උපදෙස් අනුව කටයුතු කරන්න බැහැ.අපි කටයුතු කළේ නීතිපති උපදෙස් අනුව.

කිරිඇල්ල මහතා

මේ නැවට අදාල සීසීටීවී දර්ශන විනාශ කරලා. මෙතන මහා කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙනවා.

 



අදහස් (5)

ගිනිගත් නැවේ කප්පම් කරුගේ නම එළියට

WCA Tuesday, 25 April 2023 06:34 PM

තවත් සති 2 නැව පද්ද පද්ද ඉදියි වගේ .සිංහලුන්ට සති 2කට සැරයක් මොකක් හරි ආතල් එකක් එනවා චුන් වේවි ඉන්න

:       0       3

chandima Tuesday, 25 April 2023 09:16 PM

තටමන්නේ නැතුව නමේ මුල අකුර විතරක් කිවුවානම් අපි දන්නවා කවුද කියලා

:       1       1

නිමේෂ් Tuesday, 25 April 2023 09:53 PM

සුපුරුදු පරිදි හොරුන්ගේ අම්මල ටික පේණ කියන්න පටන් අරන් . රට බංකොලොත් කරපු කෙනෙක් නැහැ වගේ මේකෙත් වැරදි කාරයෙක් අන්තිමට හොයාගන්න නැතිවේවි

:       2       1

Nalin Wanisekara Wednesday, 26 April 2023 07:55 AM

මේ විවාදයම ඇති නේද ලන්කාව කොච්චර දූසිතයිද කියල කියන්න. බලන්නකො ලන්කාවෙ නඩු අහන්නෙ නැතිව සින්ගපූරුවට නඩුව ගෙනියනව ජනාදිපති බබා දන්නෙ නැතිව නැව මුහුදු තීරයෙන් එලියට ගෙනියනව. කොහෙවත් කවුරුත් දන්නෙ නැති නමකට කප්පමක් ගෙවනව. ඔය දන්නෙ නැති නම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එක නම් කිසි දවසක එලියට එන්නෙ නෑ ඔය ප්‍රදාන පක්ශ දෙක බලයේ ඉන්නකන්. අහෝ ලන්කාවට වෙන දේවල් තමයි. මේ. අනේ මන්ද ඉතින් අපේ රට බන්කොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       10

Samitha S. Aluthgamage Wednesday, 26 April 2023 08:47 AM

උං ඔක්කොම එකවල්ලෙ පොල් මල්ලී ..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 398 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 316 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2821 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2601 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1189 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3292 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 123 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site