(සුජිත් හේවාජුලිගේ)
සහරාන්ගේ ජංගම දුරකතනයේ දත්ත පිටරට බුද්ධි අංශයකට ගෙනියන්න දුන්නේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ඒ දුරකතනයේ මේ ප්‍රහාරය ගැන බොහෝ රහස් තොරතුරු තිබෙන්නට ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ තස්තවාදීන් සිටියදී තමා ඉලක්කකර ප්‍රහාර එල්ල කිරීම අසාධාරණ බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ කොළඹදී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
මම පත්කරපු පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව බාර දෙන කොට හිටපු ජනාධිපතිතුමාට තවත් වාර්තාවක් දුන්නා මේක ප්‍රසිද්ධ කරන්න එපා කියලා. අන්න ඒව දෙන්නකෝ එළියට. එතකොට අපිට බලාගන්න පුළුවන් මොනවද තියෙන්නෙ කියලා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තවමත් අවසන් නිගමනයක් නැහැ. මේක ඉක්මනට ඉවර කරලා මාව හිරේ දාන්න කාදිනල් තුමාට ලොකු වුවමනාවක් තිබෙනවා. එල්ලුම් ගස් යවන්න හරි. මේ පරීක්ෂණ තවමත් ඉවර නැහැ.
ලෝකයේ ඉහළම බුද්ධි අංශ ගණනාවක්ම මේ රටට ආවා. එංගලන්තය ඇමෙරිකාව සිංගප්පූරුව ඉන්දියාව ඊශ්‍රායලය යන රටවල. ඒ පරීක්ෂණවල තියෙන දේවල් අවශ්‍යයි.
සහරාන්ගේ ජංගම දුරකතනයේ තිබුණු දත්ත එක්තරා බුද්ධි අංශයට ගෙනියන්න දුන්නේ කවුද. අන්න ඒකෙ සමහර කරුණු ඇති. මේක නූල් බෝලයක් වගේ පැටලිච්ච එකක්. මේ වාර්තාව කතෝලික සභාවට දෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දෙන්න.
දැන් මරාගෙන කන්න හදන්නෙ මාව විතරයි. බෝම්බ ගහපු උන් හිරේ ඉන්නවා. මම අල්ලපු එකසිය හැට ගාණක් හිර ඉන්නවා. ගෝඨාභය මහත්තයා දෙන්නෙක් නිදහස් කළා. සහරාන්ගෙන් නෝනා කියලා එක්කෙනෙක් නිදහස් කළා. දැන් කියනවා එයා නොවෙයි කියලා. මම සති තුනකින් සහරාන්ගේ ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළා. දැන් පෙර කරුමයක් මගේ පස්සෙන් එළවනවා. බෝම්බ ගහපු උන් හොඳට ඉන්නවා. උන්ට නඩු නඩු පවරපන්කෝ. කට්ටියක් ඊයෙ පෙරේදත් පාරවල් වල කෑ ගැහුවා. ඒත් බෝම්බ ගහපු අය ගැන මුකුත් කියන්නේ නෑ. ඒ අය හොඳට කාල බීල නාලා සබන් ගාලා හොඳට ඉන්නවා. කොන්ඩෙ කපා ගෙන. අපිට තමයි දෙන්න හදන්නේ වැඩේ. මේක වෙන ලයින් එකක්. ආරක්ෂක නිලධාරින් මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කර නැති බව නඩු තීන්දුවේ පැහැදිලිව තියෙනවා. කවදහරි මේ සිද්ධියෙ ඇත්ත නැත්ත එළියට ඒවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ පාලන කාලය යනු මේ රටේ මෑත ඉතිහාසය තුළ තිබූ දුර්වලම ආණ්ඩුවයි. ජනාධිපති එක පැත්තක, අගමැති තව පැත්තක. ලෝකය පුරා පවතින මුස්ලිම් කතෝලික වයිරයේ විෂබීජ මෙරට තුළත් පැලපදියම් වෙන්න එම දුර්වල නායකත්වයේ තිබු නෝන්ජල් ස්වභාවය පිටිවහලක් වූවා. 2015 වනතුරු විශිෂ්ඨ අන්දමින් ක්‍රියාත්මක වූ මෙරට බුද්ධි අංශ ඔබගේ නායකත්වය යටතේ "බණ්ඩක්කා" බවට පත්වුණා. එවන් පරිසරයක ජිහාඩ් ත්රස්තවාදයට යහතින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අනුර දිසානායකගේ ජාතික ලැයිස්තු ගෝලයකු වූ ඊබ්‍රහිම් නානාගේ පුතාලා විසින් ඒ අවසරයෙන් මෙරට ලේ විලක් කරන්නට උත්සාහ කළත් ඒ සාර්ථක නොවුනේ පෙර පිනකටයි.
මොකද දැන් බයවෙලා...?
අඬ අඬා ඉන්නේ නැතිව ඔයත් හිරේ යන්නකෝ. සබන්ගාලා නාලා කාලා බීලා ඉන්න පුළුවන්නේ...
හිටපු නීතිපති වරයෙක් ඉහල අධිකරණයකට කියනවා ඒ නීතිපති හැටියට එයා කියපු කරපු ඒවාට දැන් සිවිල් වැසියෙක් හැටියට වගකියන්න බැන්දී නැතිබව. ඔබ තුමාත් ජනාධිපති හැටියට කියපු කරපු ඒවාට දැන් සිවිල් වැසියෙක් හැටියට වගකියන්න බැන්දී නැතිබව කියන්න.