(ඉන්දිකා රාමනායක)
2022 අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වලින් ඉවත් නොවී උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු නිමා වන තෙක් සිය ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියා මාර්ග කල් දමන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනි විණිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය අද (25) විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලීමක් කළ බව එම කොමිසම කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම් සභාව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනය අදාලව ඊයේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී එම් එච් එස් කේ බන්නැහැක යන මහත්වරුන් සමග පැවති සාකචඡාවකින් අනතුරුව සභාපතිනිය මෙම ඉල්ලීම කළ බවද එම කොමිසම පවසයි.
විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටවුක් පත්කර සාකච්ඡා කළ යුතු බවට ත්, විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීම ට හානියක් නොවන අයුරින් විශ්ව විද්‍යාල ආචාරවරුන් ගේ සේවය මෙම විභාග කටයුතු වලට ලබා දීම ට අදාල පාර්ශවයන් කටයුතු කළ යුතු බවට ද සභාපතිනිය දැනුම් දී ඇත.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඉලක්ක වී අධික බදු පිළිබඳ ගැට`ථට විසදුමක් නොලැබීම මත මෙලෙස විභාග ඇගයීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බවත්, මෙය ශ්‍රි ලංකික දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අවකාශක මත ගත් තීරණයක් මිස ආචාරවරුන්ගේ අද දවසේ පෞද්ගලික උවමනාවන් මත ගත් තීරණයක් නොවන බවට ද මෙම සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී එම් එච් එස් කේ බන්නැහැක මහතා ප්‍රකාශ කර ඇති බවද කොමිස දන්වා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් විශ්ව විද්‍යාල ආචාර්වරයෙක්. මම මේ ආචාර්ය සම්තියෙන් අයින් වෙලා අවුරුදු 15 ක් විතර . මේ මිනිස්සු විශේෂයෙන්ම මේ සභාපති කියන මනුස්සයා විශ්ව විද්‍යාල ආචාර්යකමට සුදුසු කමක් නැති පුද්ගලයෙක්. ලමයි ගේ අනාගතය ප්‍රාන ඇපයට තබාගෙන මේ කරන දේ හරිම අශික්ෂිතයි.
මේ රට විනාශ කළ සහ බංකොලොත් කළ දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අයථා ඉපැයීම් එසේම සිදු වෙද්දී තම වියදම් හා ගෙවීම් සඳහා මාසයක් මහන්සි වී වැඩකරන ජනතාව ලබන වැටුපෙන් කොටසක් බදු ලෙස මංකොල්ල කෑම ඉතාම වැරදියි . වැටුප කියන්නේ ලාබයක් නෙමෙයි තම වියදම් හා ගෙවීම් සඳහා මාසයක් මහන්සි වී එම මහන්සියට ලබන සාධාරණ ගෙවීමක්