IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර බෙහෙත් ගබඩාවක් මෝදරින් අල්ලයි

(යොහාන් භාසුර)

කොළඹ 15, මෝදර ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගත් බවට සැක කරන අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය පවසයි.

මත්ලෝලීන් බහුලව භාවිතයට ගන්නා ප්‍රබල වේදනා නාශක කරල් අදාළ පුද්ගලයා නිෂ්පාදනය කර ඇති බවත් ඉන්දියාවේ ඖෂධ වෙළඳ නාමයන්ට සමාන වන ලෙස මොහු ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අධිකාරියේ අධීක්ෂණ සහ බලාත්මක කිරීමේ අංශයේ ප්‍රධානී ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා සහ ජේෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද කුමාරසිරි යන මහත්වරු මහත්තුරු ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.

 



අදහස් (1)

හොර බෙහෙත් ගබඩාවක් මෝදරින් අල්ලයි

Gayan Tuesday, 25 April 2023 02:19 PM

ඉන්දියා වලට වඩා මේක හොඩයි . ‌‌‌මෙයාට අවශ්‍ය සහය දීල , උදවු කරන්න. මෙකක්ද වරද . ගොන් පාට්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site