(අංජුල මහික වීරරත්න)
මෙරට පශු පාලනයේ දී සතුන්ට අසීමිතව දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී ලංකාවේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පශු ඖෂධ නියාමන අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යාංශයට අනතුරුඅඟවා තිබේ.
ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත් බොහෝ විට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධ බවත් පශු ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවත් මේ නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව හෙවත් Antibiotic Resistance තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධ වල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා හැකි යැයි පශු ඖෂධනියාමන අධිකාරිය අවධාරණය කළේය.
මෙම කාරණය සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන්ට ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිජීවක ඖෂධ ගැන අනතුරු ඇඟවීමක්