(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන් නව ආණ්ඩුව ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න නීති හදනවා වෙනුවට තමන්ගේ ආණ්ඩුවට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ත්‍රස්ත පනත වැනි රෙගුලාසි ශක්තිමත් කරන බව දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ත්‍රස්ත පනතත් අයි.එම්.එෆ් කොන්දේසියක් ද කියා සිතෙන බවද මෙි දූෂිතයන්  පිරිවරාගත් ආණ්ඩුවක් යැයිද නලින් බණ්ඩාර මහතා කීය.

"නිසි අවස්ථාවේ නිසි තීන්දු නොගත් රජය රට බංකොලොත් බවට ඇද දැම්මා.බංකොලොත් රටේ බංකොලොත් පුරවැසියන් ලෙස මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කරන්න සිදුවී තිබෙනවා.

සමගි ජන බලවේගයේ අපි රට අගාධයට දාන්න දායක වෙච්ච අය නෙමෙයි.රාජ්‍ය සේවයට මේ වගේ විශාල බරක් දැමුවේ වෙන අය නොවේ. රාජපක්ෂ පාලනයයි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම නොව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම කළ යුතු බව අප දිගින් දිගටම කිව්වා.අපි බිහි යුත්තේ රාජ්‍ය සේවකයෝ නෙවෙයි,ව්‍යවසායකයින්.

ව්‍යවසායකයන් ලක්ෂයක් හදන්න කටයුතු කළා නම් රැකියා බිහි වෙනවා.අද ඉන්න ව්‍යවසායකයින් නැති භංගස්ථාන කරන තැනට රජය කටයුතු කරමින් සිටිනවා