(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රිලව් චීනයට නොව තූත්තුකුඩියට හරි යවා ගොවියන් බේරා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රිලව් ආරක්ෂා කරන්න ඕන්නම් ගෙදර ගිහින්  තියාගෙන ආරක්ෂා කරන්න.නැතිනම් චීනයට නෙමෙයි තූත්තුකුඩියට හරි යවා ගොවියා ආරක්ෂා කරගත යුතු බව අපේ හැඟීමයි. මේ සතුන්ගෙන් වන හානිය ගොවියන් විදියට අපට හොඳට තේරෙනවා. ලක්ෂ 30ක් වන රිලව් චීනය චිනයේ ඉල්ලන්නේ  සත්වෝද්‍යාන සඳහායි.

රිලවුන්ගේ මොලේ කන්න අරගෙන යන බව ඇතැමුන්  කියනවා.රිලවුන්ගේ මොලේ නෙමෙයි  පරිසරවේදියෝ අපේ මොලේ කන්න හදනවා.