(සුජිත් හේවාජුලිගේ )
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවැසීය.
අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව පැවසූ අමාත්‍යවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී ඇති බවද ප්‍රකාශ කළේය.
ඔහු දකුණු පළාතට මාරුකර යවනු ලැබුවේද ඉහත ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ටිරාන් අලස් මහතා ප්‍රශ්න කළේය.
සේවා අවශ්‍යතා මත කළ උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී ඇති අවස්ථාවක අජිත් රෝහණ මහතා පමණක් එම මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටළු සහගත කාරණයක් බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී ස්ථාන මාරුවීම් පිලිබඳ නීතිමය තත්ව්‍යා කෙසේවෙතත් ඉතිහාසයේ ගරු අධිකරණයක් මගින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොවී තිබීම පිළිබඳව අවධානය යොමුකළයුතු නොවේද?
පොලිස් කොමිසමකට පුලුවන්ද තමන්ගේ බලය වෙන කෙනෙකුට පවරන්න ?
නැත. Titan Alles යනු නීතිය නොවේ. විලිලැජ්ජා නැති දේශපාලකයන්ට එහි බලය පැවරීමට පොලිස් කොමිසමට නීත්‍යානුකූල අයිතියක් නැත. අජිත් රෝහණ කිව්ව දේ හරි. අජිත් රෝහණ පසුගිය කාලයේ කළ දේට අපි එකඟ නොවුණත් මෙය හෙළා දැකිය යුතුයි.
අධිකරණ නියෝගයක් තියනවා දේශබන්දු ගැන නීතිපති නිර්දේශ කරල තියනව බස්නාහිරින් මාරු කරන්න කියල ඔක්කොමත් හරි කොල්ලො එළව එළව ගැහුවා එයාව මාරු කරන එක සේවා අවශ්‍යතාවයක් නොවේද
විනය ක්‍රියාමාර්ගයක් නොවේනම් සහ හදිසි අවශ්‍යතාවයක් බව තහවුරු කළ නොහැකිනම් කොමිසමේ අනුමැතිය කලින් ගන්න බැරි ඇයි? දැන් ඔය විධියට සේවා අවශ්‍යතා මත, කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව කියමින්, කොළඹින් දකුණු පළාතට.., දකුණින් නැගෙනහිර පළාතට..., නැගෙනහිරින් තව කොහෙටහරි.., තවටික දවසකින් තව කොහෙටහරි, පළාතේ රාජය ඇමති හෝ නියෝජ්‍ය ඇමති අකමැතිනම් තව කොහෙටහරි... මාරුකිරීම හරිද? මේක මහ පිස්සු රටක්නේ!
ටිරාන් අලස් නම් මාරු කිරීම් කරන්නේ පොලිස් කොමිසමක් මොකටද?
ටිරානය දන්න නීතිය
මේ ස්ථාන මාරු ක්‍රමවේදය වැරදියි. හිතුන හිතුන වෙලාවට දාම් බෝඩ් එක වගේ ඉත්තො අදිනවා. හිතුන හිතුන තැන්වලට . කිසිම සාධාරණයක් නැහැ.
ආවරණ අනුමැතිය පොලිස් කොමිසම පිළිනොගත්තොත් මොකද වෙන්නේ...? ආවරණ අනුමැතිය කියන්නේ නියමිත ක්‍රමවේදයට පිටින් ගොස් පොලිස් කොමිසමෙන් අනුමැතිය පසුව ලබාගැනීමයි. දේශපාලකයින්ගේ වුවමනා, එපාකම් අනුව මාරුකිරීම් කිරීමට ‘ආවරණ අනුමැතිය’ යන තිරය පිටුපස වැඩවලින් කොමිසමක බලාපොරොත්තු ඉටුකරගත නොහැක...
සේන හා සමන්ත දෙදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලන්න තේරුම් ගන්න අමාරුයි නම් රජයේ පළපුරුදු නිළධාරි කෙනෙක් හමුවෙලා සාකච්ඡා කරන්න එතකොට පැහැදිලි වේවි
ටිරාන් අලස් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දූෂිත දේසපාලුවන්ට ඕන ඕන වෙලාවට එහෙට මෙහෙට මාරු කරන්ඩ පුලුවන්ද .
මොකද එහෙම කියන්න බැරි ? කියලා ඔය මාරුව නවත්වාගෙන තිබෙන්නේ. ඔහෙලා ඔතනට එන්නේ අවුරුදු කීපයකට. රජයේ සේවකයා අවුරුදු 30-35 සේවයේ යෙදෙනවා. උඹලාගේ හිතුමනාපෙට රජයේ නිලදාරීන් අල්ලේ නටවන්න උත්සාහ කරන්න එපා. ඊළඟ චන්දෙදි සමහර විට ජනතාව උඹලව පයින් හගලා එලවා දමාවි. නමුත් රජයේ සේවකයාට එහෙම වෙන්නේ නැහැ.