
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දය ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබාදෙන චක්‍රලේඛය ලබන සතියේ පිට කරන බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවවේදී අද (28) පැවසීය.
එසේම රාජ්‍ය ආයතනවලට ඈත ප්‍රදේශවලින් එන අයට ඒ ස්ථානවලම නැවතත් රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විවාදයේදීය. මැතිවරණය කල් දැමුවද අවලංගු කර නැති තත්ත්වය යටතේ මැතිවරණ නීතිය කඩා නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවත් මැතිවරණ කොමිෂන් සභාවද ඒ කාරණය පෙන්වාදී ඇති බවත් ගුණවර්ධන මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණය දිනන අයට නැවත රාජ්‍ය සේවයේ වැටුප් ලැබෙනවද? මැතිවරණයෙන් දිනූ අයට... දැන් මේ නාම යෝජනා දුන්නාට පසු වැටුප් නැතිව ජීවත් වෙන්න බොහෝම අමාරුයි කියන ඇත්තෝ කොහොමද ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරයෙකුට ලැබෙන සුළු දීමනාවෙන් ජීවත් වෙන්නේ..? කළින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට කිසිම දීමනාවක් දුන්නේ නැහැ.. දෙන්න අවශ්‍යත් නැහැ. ගමේම සිටින නිසා...
දන්න කාලෙක ඉඳලා පාර්ලිමේන්තු වේ. අපේ බදුසල්ලි කොච්චර පරිභෝජනය කරලා ඇත්ද? මෙයා හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ සිංහයෙක් වගේ කෑ ගැහුවාම රට දියුණු වෙනවා කියලා...