
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා වලට විරුද්ධව ජාතික ජන බලවේගය ඉතා නිශ්චිතවම ඡන්දය ප්‍රකාශ කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය නො ගෙවන්න තීරණයක් ගන්නා බවද ඒ තීරණය සහ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය අතර සම්බන්ධයක් තිබෙන බවද කී දිසානායක මහතා මෙය යම් කුමන්ත්‍රණයක් මත ගන්නා ලද තීරණයක් බවද කීය.
මුල්‍ය අරමුදලේ යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපති උමතු හැසිරීමක් පෙන්නන බවද දේපළ පවරා ගන්නා බව කියමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ බදු නිසා බොහෝ වෘත්තිකයන්ගේ වැටුප ඍණ වී ඇති බවද අනුර දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ රට ගිනි තියමු...?
මේ කාලකණ්ණි, එළොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පො කැමැති දෙයක් පුළුවන් නම් කියන්න.
වසල ජෙප්පන්ගේ එකම බලාපොරොත්තුව රට අරාජිකව තිබෙනවා දැකීමයි... මේ දවස්වල වැහි නැති අකුණු පුපුරනවා...
ජයවේවා..., ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම අනාගතයේ මේ රට ඉදිරියට ගෙනයන නිශ්චිත බලවේගය බව දැන් රටේ බහුතරයක් දන්නවා...
අනුර, රටේ මීළඟ නායකයා වේවා...!
හොර බොරු, වංචා, දූෂණ නැති අවංක නායකයෙන් වේ නම් ඒ මෙතුමා පමණයි.
ඔය ඡන්ද හතර නම් වැඩක් නෑ.
හොර බොරු කරයිද නැද්ද බලන්න බලයේ හිටියේ නැහැනේ... මේ ගොල්ලෝ බලයට ආවොත් සිංහල සංස්කෘතියත් නැතිවෙලා, බෞද්ධාගමත් නැතිවෙලා මේ රට හම්බ රාජධානියක් වෙනවා ෂුවර්...
වගකීමක් අරන් වැඩක් කරලා පෙන්නපන් මහත්තයෝ. දේශපාලන බණ දේශනා කරමින් රට වටේ ගියාට වැඩක් නෑ....
කට්ටිය විරුද්ධ නැත්තේ පාර්ලිමේන්තුවෙන් දෙන වැටුපට සහ පෙන්ෂන් එකට විතරයි.
තමන්ගේ පක්ෂයේ මතයට විරුද්ධ අයව... වදදීලා මරන්න. එල්ලුම්ගහ ගෙනාවොත් මොවුන් අත්දෙක නෙවෙයි, කකුල් දෙකත් උස්සයි.