IMG-LOGO

විදෙස් රැකියා පෙන්වා හාරලක්ෂයක් ගන්න හැදූ කත රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

විදේශ රැකියා ලබා ගැනිම සඳහා විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කරදිමට යයි පවසා ගාල්ලේ කාන්තාවකගෙන් රුපියල් හාර ලක්ෂයක් ලබා ගනිද්දි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කන්තාවක මැයි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ හම්බන්තොට ප්රනදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

සැකකාරිය කලක් යුධ හමුදාවේ සේවය කර ඇති කාන්තාවක් බවද ඇය රටවටා විවිධ පුද්ලයින්ගෙන් මේ ආකාරයට මුදල් වංචාකර ඇති බවද අනාවරණය වි ඇත.

සැකකාරිය  ගාල්ලේ කාන්තාවට පවසා ඇත්තේ ඊශ්රාකයලයේ රැකියා සඳහා යැවිමට සම්මුඛ පරික්ෂණ වෛද්ය් වාරතා ආදිය නොමැතිව විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කල හැකි අතර ඒ සඳහා එහි නිලධාරින්ට රුපියල් හාර ලක්ෂයක් දිය යුතු බවය.

පසුව පැමිණිලිකාරිය මේ බව විදේශ සේවා නියුක්ති කාරයංශයේ දැනුම්දි මුදල් ලබා ගැනිම සඳහා ගාල්ලට එන ලෙස සැකකාරියට පවසා ඇත. ඒ අනුව සැකකාරිය පැමිණ මුදල් ලබා ගන්නා අවස්ථාවේ  රැකවල්ලා සිටි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අද (27) සවස  අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි. 

 



අදහස් (0)

විදෙස් රැකියා පෙන්වා හාරලක්ෂයක් ගන්න හැදූ කත රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site