(ඩී.ජී.සුගතපාල)

විදේශ රැකියා ලබා ගැනිම සඳහා විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කරදිමට යයි පවසා ගාල්ලේ කාන්තාවකගෙන් රුපියල් හාර ලක්ෂයක් ලබා ගනිද්දි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කන්තාවක මැයි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ හම්බන්තොට ප්රනදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

සැකකාරිය කලක් යුධ හමුදාවේ සේවය කර ඇති කාන්තාවක් බවද ඇය රටවටා විවිධ පුද්ලයින්ගෙන් මේ ආකාරයට මුදල් වංචාකර ඇති බවද අනාවරණය වි ඇත.

සැකකාරිය  ගාල්ලේ කාන්තාවට පවසා ඇත්තේ ඊශ්රාකයලයේ රැකියා සඳහා යැවිමට සම්මුඛ පරික්ෂණ වෛද්ය් වාරතා ආදිය නොමැතිව විදේශ සේවා නියුක්ති කාරයංශයේ වෙබ් අඩවියට නම ඇතුලත් කල හැකි අතර ඒ සඳහා එහි නිලධාරින්ට රුපියල් හාර ලක්ෂයක් දිය යුතු බවය.

පසුව පැමිණිලිකාරිය මේ බව විදේශ සේවා නියුක්ති කාරයංශයේ දැනුම්දි මුදල් ලබා ගැනිම සඳහා ගාල්ලට එන ලෙස සැකකාරියට පවසා ඇත. ඒ අනුව සැකකාරිය පැමිණ මුදල් ලබා ගන්නා අවස්ථාවේ  රැකවල්ලා සිටි විදේශ සේවා නියුක්ති කාරයංශයේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අද (27) සවස  අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.