(අංජුල මහික වීරරත්න)
සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩ ඉරිඟු වලින් මේ වන විට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කළ යුතු බඩ ඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව ද රත්නායක මහතා පැවසීය.
සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩ ඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී රත්නායක මහතා මේ බව කීය.
වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය.
ලෝක වෙළඳපොළේ බඩ ඉරිඟු මිල පහළ ගොස් තිබෙන අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද සාගල රත්නායක මහතා කීය.
දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.
ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාවයත් මේ වන විට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
සත්ව ආහාර සඳහා අතිරික්ත සහල් තොග යොදා ගැනීමෙන් වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකි බවද එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටලුව ඇතිවීමට පෙර අවධානය යොමු කර ඇත. නමුත් රට තුළ නිෂ්පාදනය කිරීමට උපදෙස් දිය යුතුයි. බඩ ඉරිඟු මාස තුනේ බෝගයක් වන අතර එය රට තුළ වගා කළ හැකිය. ක්‍රියාකාරී සැලැස්මක් නොමැත. මා දන්නා පරිදි ක්‍රියාකාරී සැලසුම් නොමැති එකම රට ශ්‍රී ලංකාවයි. ආහාර නිෂ්පාදකයින් ආනයනය කිරීමට කැමැත්තක් දක්වයි. රටට විදේශ විනිමය තිබේද? ඔවුන් රාමුකරුවන් සමඟ විනිවිද පෙනෙන ආකාරයෙන් සම්බන්ධ විය යුතුය. ඔවුන්ට ලැබෙන ලාභය කුමක්දැයි පෙන්විය යුතුය.