
(බී.ජී.චතුරංග, උපුල් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට, රහසිගතව ඇතුළු වූ අයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මරා දමා ඇතැයි ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 15, මන්නාරම් පාර , මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි බී.ඩබ්ලිව්.රුවන්ජිත් විජිත 24 හැවිරිදි පුද්ගලයෙකි.
මැදවච්චිය දී සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිව් දෙනකු එක්ව මෙම පුද්ගලයාට පොලුවලින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල එම තරුණයා රෝහල් ගත කර තිබූ බව පොලීසිය කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ 4වන මහලේ පිහිටි, පිරිමි ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මරණකරු බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ අයකු බවද පොලිස් නිලධාරියෙක් මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
මේක රටක් නෙවෙයි, තිරිසන් අපායක්...
මේක නිකනුත් චිකාගෝ වගේ දැන් මිනීමරන එක සිම්පල්...
ජනාධිපති කිව්වා මම මරණ දඬුවම සඳහා අත්සන් කරන්නේ නැහැ කියලා. ඉතින් මිනිස්සුන්ට බියක් නැතිවුණා... මම කුඩුකාරයෝ දහයකට, මිනීමැරුම් දහයකට ස්ත්‍රී දූෂණ දහයකට සංචාරකයන්ට හිරිහැර කිරීම් දහයකට, මරණ දඬුවම දීමට තනතුරෙන් යන්න පෙර අත්සන් කරනවා කියලා ජනාධිපතිවරයා කිව්වා නම් රට තරමක් හෝ සන්සුන් වෙන්න තිබුණා කියලා හිතෙනවා... දැන් නම් එහෙමවත් රට හදන්න අමාරුයි...