(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පූඩලු ඔය ඓතිහාසික පුසල්පිටිය විහාරස්ථානය පිටුපස ඇති මලියදේව ලෙන ඉස්මත්තේ පිහිටි කැලෑ ප්‍රදේශයක නිදන් වස්තු ගොඩ ගැනීමට ගොඩගැනීමට කැණීම් සිදු කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු ඇතුලූ ඇතුළු 4 දෙනෙකු පෙරේදා 26 වැනි දා සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි
කැණීම් සිදුකරමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් අතර එක් අයෙක් පලාගොස් තිබිණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ කිරීමේදී හෙළිවූ තොරතුරු මත පළාගොස් ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවට තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය සඳහන් කරයි
පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු මත එම කොස්තාපල්වරයා ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd