(ලක්ෂ්මී ජයකොඩි)
කච්චතිව් ශාන්ත ආන්තෝනි දේවස්ථානය අසල ස්ථාපිත කර තිබුණු බුද්ධ ප‍්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කළ බව නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත දැනුම් දී ඇත.
එම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ කච්චතිව් දුපතෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් නාවික හමුදාව දැනුම් දී තිබේ.
යාපනය රදගුරු කාර්යාලය පසුගිය මාර්තු මස 27 වනදා නාවික හමුදාව වෙත යොමු කරන ලද ලිපියට නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත පණිවිඩයක් ලබාදෙමින් ඉහත කී බුද්ධ ප‍්‍රතිමාව කච්චතිව් දුපතෙන් ඉවත් කළ බව දැනුම් දී ඇත.
ඒ අනුව කච්චතිව් දුපතේ අනන්‍යතාවය ආරක්ෂා කරමින් ජනතාව අතර සංහිදියාව පවත්වාගෙන යාම වෙනුවෙන් නාවික හමුදාව ගෙන ඇති පියවර අගය කරන අතරම ස්තුතිවන්ත වන බව යාපනය රදගුරු කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කච්චතිවු දුපතේ තිබෙන ක්‍රිස්තියානි පසුබිම මොකක්ද. ජේසුතුමා දුපතට ඇවිල්ලා තියෙනවද. පල්ලිය හදන්න ඇත්තේ මිනිස්සු. බුදු පිලිමෙ ගෙනාවෙත් මිනිස්සු. දැන මෙයාලා කියන විදියට මුලින්ම දුපතේ පල්ලිය හැදුව නිසා බුදු පිලිමෙ තබන්න බැරිනම් මේ රටේ කිසිම තැනක පල්ලි සෑදීමට අයිතියික් නෑ. මොකද මේ රටට මුලින්ම ලැබුනේ බුද්ධ ධර්මය නිසා
කොළඹ සියළු දේව ප්‍රතිමා හා නුවර දළදා මාලිගයේ බලෙන් අල්ලාගත් කොටසේ පල්ලිය වහා ඉවත් කරන්න
ලංකාවේ ඔටුන්න කතෝලික එංගලන්ත සුද්දෝ උදුරාගත්තා . උන් රට අනාගතේ ණය වෙන තැනට වැඩ කරලා වස්තුව මන් කොල්ල කැවා . රට පුරා බලෙන් පල්ලි හදලා කතෝලික කළු සුද්දෝ පරපුරක් හැදුවා . අද උන් රට අල්ලන්න හදනවා .
මේක 100% කතෝලික භක්තිකයන්(ලාංකික හා ඉංදියානු) වන්දනා මාන කරන කිසිදු පිරිසක් පදිංචි නැති ගිවිසුමක් යටතේ ලංකාවට ලැබුනු දුපතක්. ඒ ගිවිසුම යටතේ ක්‍රියාත්මක නොවුනොත් යම් බලපෑමක් ඇති.මෙය ලංකා නවික හමුදාව යටතේ පාලනය වේ.
ආගම් නිසා අපේ රටට ලැබුන ලබ්බක් නැහැ . රාවනා නැගිට්ටොත් එහෙම ලංකාවේ තියෙන බුද්ධාගම ,ක්‍රිස්තියානි ආගම,හින්දු ආගම , මුස්ලිම් ආගම වැනි සබ්බ සකලමනා ආගම් ඔක්කොම තහනම් කරයි.ඒ රාවණාගේ කීර්තිමත් යුගයේදී ඔය එක ආගමක්වත් නොතිබුන නිසා.දැන් තියෙන ආගම් නිසා මේ රටට ලැබුනේ විනාශය පමණයි.අසමගිය පමණයි. ඔය දුපතේ බුද්ධ ප්‍රතිමා තිබුනත් එකයි නැතත් එකයි. පල්ලිය තිබුනත් නැතත ඒවාගෙන් මේ රටට සෙතක් වෙන්නේ නැහැ.සිදුවන්නේ අසමගිය ,වයිරය ඔඩුදුවන එක පමණයි.මෝඩ මිනිස්සුන්ට හිතන්න ශක්තිය ලැබේවා .
පල්ලි කිවුවේ මුස්ලිම් පල්ලිද?මහපොළවේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ .ජීවත් වෙලා ඉන්නකම් මරාගන්නවා .යනකොට කිසිම දෙයක් ගෙනියන්නෙත් නැහැ .මැරිලා කුනුවෙලා යනවා .ආගම ධර්මය කියන්නේ විශ්වාසයක් විතරයි .අපි කරන පවු පින් අනුව අපේ ජීවිත තීරණය වෙයි .තෙරුවන් සරණයි
මේකට තමයි අන්‍යාගමික අය සංහිඳියාව කියන්නේ. පන්සල කාටත් පොදුයි. පිළිම වහන්සේ නමක්වත් තියන්න බෑ පල්ලි ළග.
ලංකාවෙ හැමදේම දේශපාලන කොණෙන් බලල ඉන්න පුරුදුවෙන්න. මේ නැතිවෙලා තීන කතෝලික චන්දටික හදාගන්න දගලන වැඩක්. තව එයි මේ වගේ දේවල්.
ආබොල කච්ච්තීව් නැතිනම් කච්චි දුපත ලංකාවට අරන් දුන්නේ කව්ද? රදගුරුද සිරිමාවෝ මැතිනියද? මේක බෞද්ධ රටක් ක්‍රිස්තියානි ආගම මේ රටට ගෙනාවේ පුරුතුගීසි කාරයෝ. ක්‍රිස්තියානි ආගම මෑතක ලංකාවට ආව ආගමක්. ඔන්න රාජපක්ෂලා බලයේ නැති එකේ විපාක. රාජපක්ෂ නොසිටින්න කුරගලත් හම්බයෝ අයිති කරගන්නවා. නිවට සිංහලයෝ. ක්‍රිස්තියානි කාරයින්ට කච්ච් දුපත අයිති උනේ කොහොමද?
ගහපිය යාපනේ රදගුරුට. බෞද්ධ සිද්ද ස්ථාන අසල ක්‍රිස්තියානි පල්ලි ඉවත් කරගන්න කියපල්ලා. කතෝලික බලවේගය රනිල් පාලනය, ජේවීපී පාලනය අස්සේ ඔළුව උස්සනවා..
බුද්ධ ප්‍රතිමාව දැකීමෙන් පිරිසක් සිතේ ක්‍රෝධය ඇති කරගන්නවානම් ඒක ඒ අයගෙ බුද්ධියේ තරමයි.එය අයින් කිරීම හොඳ තීරනයක් අපේ ආගම නිසා ඇයි අපි අනෙකාගෙ සිත් ක්‍රෝධයන් පුරවන්නෙ බෞද්ධ වන මට නම් පල්ලි දේව ප්‍රතිමා දැක්කට එහෙම හිතෙන් නෑ ඒ බෞද්ධ අපි කුඩා කල සිට පුහුණු ඌ ආකාරයයි
තලේබාන් බහුජ්ජයෝ ටික ට්‍රිගර් වෙලා.. නොදකිං. මුංගෙ දහමෙ හරයවත් තේරුන් අරන් නැති ගොං බහුජ්ජයෝ
බුද්ධ ප‍්‍රතිමා වහන්සේ කච්චතිව් දුපතෙන් පිටතට රැගෙන ගිය එක හොඳ දෙයක්. මෙතනට මිනිසුන් එන්නේ බුදුන් වඳින්න නොවෙයි.
මෙය බෞද්ධ උරුමය ඇති උතුරු නැගෙනහිරින් ජාතිවාදය මත පදනම්ව බුදුපිළිමය පල්ලියෙන් ඉවත් කළා නම් ඔය හන්දිවල තියන සියලු සුරුවම හා ජේසු රූප ඉවත්කළ යුතුමයි
මෙයා බෞද්ධ උරුමය උතුරු නැගෙනහිරින් අතුගා දැමීමේ කූට උපක්‍රමයක්
ඔතන ප්‍රශ්නය බෞද්ධයන් නෙමෙයි . සිංහල අය බෞද්ධ වීම යී.
අපි ශ්‍රීලාංකිකයෝ බොහෝ දෙනෙක් නමින් පමණක් බෞද්ධ ,ක්‍රිස්තියානි ,ඉස්ලාම්,හින්දු .ක්‍රියාවෙන් සහ චේතනාවලින් ඉන්නේ බින්දුවේ .හැමදේටම මරා ගන්න හදනවා
පාරවල් අයිනේ පොඩි ඉඩක් තිබුණොත් මොකක් හරි පිළිමයක් අටෝනවා. ඒ මදිවාට එයට කොහෙන් හරි වයරයක් ඇදලා ලයිට් පවා දානවා. මේවාට ගොඩනැගිලි සහතික නෑ. ඒ මදිවාට කනබීරි වෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඝෝෂා කරනවා. වාහන ගමන් කිරීමටත් බාධා වෙනවා. වහාම නැවැත්වීය යුතුයි. පල්ලි, පන්සල් ඇති වෙන්නට තිබෙනවා. අහවල් දේකටද පාරවල් අයිනේ ආගමීක ප්‍රතිමා තබන්නේ?
රටේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති... නැති දේවල් රටේ ඇති නොකරන්න. මේවගේ ජාතිවාදය, ආගම්වාදය රටේ ඇති නොකරන්න. ජීවත් වෙන වැඩක් කරන්න.
බුදු පිළිම හදන එක බෞද්ධ දර්ශනය නෙමෙයි. අනික බුදුපිළිම නෙමෙයි හදන්න අවශ්‍ය මිනිස්සුන්ගේ චිත්ත සන්තානය... සමහර තැන්වල පිළිම වහන්සේ නමක් තියලා පිංකැටයකුත් තියලා බුදුදහම විකුණන් කනවා.