
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පික්පොකට්කාරයන් හොරකම් කර "හොරා" "හොරා" කියමින් දුවනවිට මිනිස්සුත් නිර්දෝෂී මිනිස්සු පස්සේ පන්නන එක සාමාන්‍ය දෙයක් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධියට තමා සම්බන්ධ කිරීමට විජයදාස රාජපක්ෂ මහතාට කාලෙක සිට ලොකු වුවමනාවක් තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේද පැවසීය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් තමාට විශාල අගතියක් වෙලා තියෙනවා. මේ ප්‍රකාශය නිසා සමාජ මාධ්‍ය අද මට මඩ ගහනවා. ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී 2020 වර්ෂයේදී අනතුරට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙනයෑමට මම ඉල්ලීමක් කළා කියලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ සභාවේදී ඊයේ ප්‍රකාශයක් කළා. මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක්. ඒ වගේම ද්වේශ සහගත ප්‍රකාශයක්. අධිකරණ ඇමතිතුමාම ඒ නියෝගය ඊයේ සභාගත කළා. නියෝගය නිකුත් කරලා තිබුණේ එවකට විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ මහත්තයා. නමුත් විජයදාස රාජපක්ෂ මහත්තයට මේක මදි.ඔහුට ඕන මේකට මාව පටලවන්න.ඒ කාලේ මම වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කතා කරපු වෙලාවේ මේ නැව ගැන නාලක ගොඩහේවා කතා කළයි කිව්වා කියලා විජයදාස රාජපක්ෂ මේ සභාවේදී කිව්වා.
ඔහුගේ ඒ කතාවෙන් පස්සේ මමත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඊයේ කතා කළා. කිසිම අවස්ථාවක ඔයා මට කතා කළේ නැහැ කියලා ඒ වෙලාවේ ඔහු ප්‍රකාශ කළා. ඉතින් මොනවද මේ විජයදාස රාජපක්ෂ කියන්නේ. මේක ලොකු මගඩියක් කියලා කියන්න උත්සාහ දරන්න එපා. ඕනෑම අයකුට හිටපු ජනාධිපතිතුමාට හිටපු විදේශ ලේකම්තුමාට කතා කරලා මේ ගැන දැනගන්න පුළුවන්. මොකක්ද ඇත්ත කියල. මේකට බොරුවට මාව පටලවන්න එපා. මගේ කීර්ති නාමය නැති කරන්න එපා. පහුගිය දවස්වල මම ප්‍රතිත්‍රස්ත පනත ගැන, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ගැන කතා කළා. ඒ නිසාද මාව මේකට පැටලෙව්වේ.
විජයදාස රාජපක්ෂ ඊයෙ මේ සභාවේදි කිව්වේ නිව් ඩයමන්ඩ් නෞකාව ගැනයි. නමුත් අවාසනාවකට සමහරු මේක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කියලා පටලවගෙන විවිධ ප්‍රවෘත්ති පළ කළා. මගේ නමත් ඒකට සම්බන්ධ කරගෙන. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙනකොට මම වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. නමුත් සති කිහිපයකින් මම එතනින් මාරු කරනවා. මොහාන් සිල්වා ඇමැතිතුමා තමයි ඊට පස්සේ කටයුතු කළේ. මේ කමිටුවලට මගේ සම්බන්ධයක් නැහැ. නඩුවක් ප්‍රමාද කළා නම් ඒක කරන්න පුළුවන් වෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවට. මෙතනදී හොයන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු අය කවුද කියලයි. අපි කවදාවත් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නේද වාරකන් කාලයට කොහොමත් කැස්බෑවන් මැරිල ගොඩගහනව කියල TV එකේ කිව්වෙ.
ගොඩහේවා , තමුසෙට කොහෙන්ද කිර්ති නාමයක් ? විනිමය කොමිසමේ හිටපු කාලේ කරපු වංචාවලට හිරේ යන්න හිටිය පට්ට හොරෙක් මිනිහාගේ කිර්ති නාමය ගැන කතා කරනවා. කොහේදෝ ඉඳලා මීගමුවට ඇවිල්ලා මීගමුවේ ගෑනියෙක් කසාද බැඳගත්තාට පස්සේ මිනිහා හිතුවා " හරි..මමත් දැන් මීගමුවේ...මම මාළු ගැන දන්නවා.." කියලා. අපි කවුරුත් දැක්කා මිනිහා කියනවා " කස්බාවන් මැරෙන කාලයක් තියෙනවා වාරකන් කාලයට , ඔය සත්තු මැරිලා ඉන්නේ නැවේ විෂ ද්‍රව්‍යවලට නොවෙයි " කියලා. විජේදාස රාජපක්ෂ කියන්නේ දෙපත් නයෙක්. වාසි පැත්තට පනින නාකි වඳුරු රාල කෙනෙක්.මිනිහා නිසා තමයි ගෝටාභය රාජපක්ෂ හිරේ නොගිහින් ( තාවකාලිකව ) බේරිලා ඉන්නේ .-( දවසක ඒ නඩු ඔක්කොම ආයේ එලියට ගන්නවා කියලාත් මතක තියාගත්තොත් හොඳයි. ) ජයනාත් කොළඹගේ කියන්නේ ගෝටාගේ ගජයා , පට්ට ඇමෙරිකන් පාවාදෙන්නෙක්.ගොඩහේවා ආයෙත් කවමදාකවත් තමුසෙට මීගමුවේ මිනිස්සුන්ගේ චන්ද ලැබෙන්නේ නැහැ. ඔව් මීගමුවේ මිනිස්සු බලාගෙන ඉන්නවා තමුසෙට " නෙලන්න " එහෙමත් නැත්නම් " බැස්ටිය " දෙන්න.
මංජු නිස්සංක කියන්නෙ කවුද ගොඩෙ.
බදු සල්ලි වලින් ජීවත් වෙන නිකමෙක්.
කොහොමත් හොරැ කියන්නෙ ඔහොම තමයි
ඔබගේ අදහස හරියටම හරි, විස්තර සහිතව කියලා තියනවා. නාලක ගොඩහේවා කියන්නේ ආචාර්ය උපාධියක් සහිත පාර්ලිමේන්තුවේ ඉන්න බුරුවන්ගෙන් හොරුන්ගෙන් එකෙක්. විජයදාස රාජපක්ෂයා හිතන් ඉන්නේ ඌ විතරයි නීතිය දන්නේ කියලා, අමු පාදඩ කපටි හොරෙක් , ඇවන්ගාර්ඩ් ගැහිල්ල පිටි පස්සේ හිටියේ මේ මිනිහා. පාදඩ හොරු අපරාධ කාරයෝ සල්ලිවලට ආරක්ෂා කරන පාර්ලිමේන්තුවේ ඉන්න කුනකටුවෙක්.
උබලාගේ ලතෝනි වලින් වැඩක් නෑ අපිට . උබලාට වැඩ බෑ. පී.එච්.ඩී එකකුත් තියන් ඇවිත් උබ බුද්ධිමත් මිනිස්සුන්ව හෑල්ලුවට ලක් කලා.
ඡන්දෙදි තමුන්ට වැඩ කරපු අයියලාට හපුතලේ පැත්තෙන් ඉඩම් දුන්නෙ අම්මගෙ අප්පගෙ බූදලෙන් වෙන්ඩැ. ආණ්ඩුවෙ ඉඩං කොහොමැයි එහෙම දෙන්නෙ.
සල්ලි කොල හෙලවෙන සද්දෙට චුම්බක ඇදිලා යන ගුනාංග සතු මහ තෙක්