IMG-LOGO

‘මගේ ආදරේ නැති වුණා‘ ලිපියක් ලියූ තරුණයාගේ සිරුර එල්ලෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 " අම්මේ  තාත්තේ මට සමාවෙන්න, මට ප්‍රශ්න තියෙනවා. මගේ ආදරේ නැති වුණා යැයි පවසමින් කෙටි ලිපියක් ලියා , සෙල්ෆි ඡායාරූපයක් ගත් 18 හැවිරිදි තරුණයාගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින්  තිබියදී සොයා ගත් බව වරකාගොඩ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ නෑබඩ වරකාගොඩ පීල්ල හේන ප්රාදේශයේ පදිංචිව සිටි ගොඩ මුණිගේ කවිඳු අවිශ්ක කරුණාරත්න නමැති තරුණයෙකි

මිය ගිය තරුණයා පමණක් නිවසේ සිට ඇති අතර මව පියා සහ වැඩිමහල් සහෝදරයා රැකියා සඳහා නිවසින් පිටත්ව අතර බාල සොයුරා පාසල කරා ගොස් තිබී ඇතැයි පොලිසිය කියයි
මිය ගිය තරුණයාගේ මව පෙර පාසල් ගුරුවරියක් වන අතර පෙර පාසල නිම වී නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ ඉදිරිපස කාමරයේ සිය පුතුගේ සිරුර එල්ලෙමින් තිබියදී දැක තිබූ බව පොලිසිය කියයි

තරුණයා ලියන ලද කියන ලිපිය නිවසේ සාලයේ රූපවාහිනි ස්ටෑන්ඩ් එක මත තිබී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ඇඳ මත තිබී පොලීසිය මගින් සොයාගෙන ඇත

ජංගම දුරකථනයේ දුරකථනය තරුණයා මිය යාමට විනාඩි කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් ද සටහන්ව තිබිණි

මියගිය තරුණයා ලියන ලද ලිපියේ පහළට වන්නට දුරකථන අංක දෙකක් සටහන් කර එය කුරුටු ගා තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම ලිපියේ සඳහන් අත්අකුරු මියගිය තරුණයාගේ බවට ඔහුගේ මව වන පෙර පාසල් ගුරුවරිය විසින් හඳුනා ගත් බව පොලිසිය කියයි

මළ සිරුර එල්ලෙමින් තිබූ නිවස වෙත පැමිණි නෑබොඩ හදිසි මරණ පරීක්ෂක රත්නසිරි රාජපක්ෂ මහතා ස්ථාන පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය
වරකගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් ඒ ස්ටැන්ලි ,පොලිස් සැරයන් 41118 රත්නසිරි, පොලිස් කොස්තාපල් 66782 ශ්රීනමාල් මහත්වරු පරීක්ෂණ පවත්වයි



අදහස් (2)

‘මගේ ආදරේ නැති වුණා‘ ලිපියක් ලියූ තරුණයාගේ සිරුර එල්ලෙයි

කිරිපුා Thursday, 27 April 2023 07:55 PM

වර්ථමාන බොහෝ තරුණ තරුණියන් ගේ පෞරුෂය දුරුවල වෙලා. කිසි දෙයක් දරාගන්න බෑ. ඉස්සර නම් ගීතයක් ඇහුවත් බිඳුණු හිතක් හැදෙනවා. දැන් තියෙන්නෙ විලාප. ටෙලි නාටකත් එහෙමයි. කොහෙදෝ අපට වැැදිලා.

:       0       20

බකසුමන Friday, 28 April 2023 01:16 PM

විභාග පාස් වෙන්න විතරක් උගන්නන අධ්‍යාපන ක්‍රමයකින් මීට වඩා පෞරුෂයක් තියෙන තරුණ පරපුරක් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් තරුණ පිරිසට කිසිම හිතේ හයියක් නෑ. ඉවසීම ඇත්තේම නෑ. එක්කෝ තමන් මැරෙනවා... නැත්නම් අනිකා මොකා වුණත් කොටලා හරී මරනවා. ගුණ දහමෙන් තොර අධ්‍යාපනයේ වරද...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site