(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 " අම්මේ  තාත්තේ මට සමාවෙන්න, මට ප්‍රශ්න තියෙනවා. මගේ ආදරේ නැති වුණා යැයි පවසමින් කෙටි ලිපියක් ලියා , සෙල්ෆි ඡායාරූපයක් ගත් 18 හැවිරිදි තරුණයාගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින්  තිබියදී සොයා ගත් බව වරකාගොඩ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ නෑබඩ වරකාගොඩ පීල්ල හේන ප්රාදේශයේ පදිංචිව සිටි ගොඩ මුණිගේ කවිඳු අවිශ්ක කරුණාරත්න නමැති තරුණයෙකි

මිය ගිය තරුණයා පමණක් නිවසේ සිට ඇති අතර මව පියා සහ වැඩිමහල් සහෝදරයා රැකියා සඳහා නිවසින් පිටත්ව අතර බාල සොයුරා පාසල කරා ගොස් තිබී ඇතැයි පොලිසිය කියයි
මිය ගිය තරුණයාගේ මව පෙර පාසල් ගුරුවරියක් වන අතර පෙර පාසල නිම වී නිවසට පැමිණි අවස්ථාවේදී නිවසේ ඉදිරිපස කාමරයේ සිය පුතුගේ සිරුර එල්ලෙමින් තිබියදී දැක තිබූ බව පොලිසිය කියයි

තරුණයා ලියන ලද කියන ලිපිය නිවසේ සාලයේ රූපවාහිනි ස්ටෑන්ඩ් එක මත තිබී ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ඇඳ මත තිබී පොලීසිය මගින් සොයාගෙන ඇත

ජංගම දුරකථනයේ දුරකථනය තරුණයා මිය යාමට විනාඩි කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් ද සටහන්ව තිබිණි

මියගිය තරුණයා ලියන ලද ලිපියේ පහළට වන්නට දුරකථන අංක දෙකක් සටහන් කර එය කුරුටු ගා තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම ලිපියේ සඳහන් අත්අකුරු මියගිය තරුණයාගේ බවට ඔහුගේ මව වන පෙර පාසල් ගුරුවරිය විසින් හඳුනා ගත් බව පොලිසිය කියයි

මළ සිරුර එල්ලෙමින් තිබූ නිවස වෙත පැමිණි නෑබොඩ හදිසි මරණ පරීක්ෂක රත්නසිරි රාජපක්ෂ මහතා ස්ථාන පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය
වරකගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් ඒ ස්ටැන්ලි ,පොලිස් සැරයන් 41118 රත්නසිරි, පොලිස් කොස්තාපල් 66782 ශ්රීනමාල් මහත්වරු පරීක්ෂණ පවත්වයි