
(ඉන්දිකා රාමනායක)
දේශප්‍රේමිත්වයෙන් යුත් යුද හමුදා ප්‍රවීනයන් ලෙස ජාතියේ ප්‍රසංශාවල හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න රණවිරුවාන්ගේ බිරින්දෑවරුනට ගෞරව බුහුමන් දැක්වීමේ අවස්ථාවක් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
යුද හමුදාපත් ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ලලී කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න යන මහත්මීහු සහභාගී වූහ.
යුද හමුදාවේ ආරාධනාව පිළිගෙන යුද හමුදා මුලස්ථාන පරිශ්‍රය වෙත පැමිණ ලලී කොම්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න යන මහත්මීන් යුද හමුදාපතිවරයා දෙපා නැමැද පිළිගත්තේය.
යුද හමුදා ඉතිහාසයෙ හමුදාපතිවරයකු ගෞරව බුහුමන් පුද කළ ප්‍රථම අවස්ථාව මෙය බව හමුදා හමුදාව පවසයි.
යුද හමුදාධිපති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවයට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ මහත්මිය ද සහභාගී වූවාය.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකක සංවිධානය කර තිබු, අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත ජුකී යන්ත්‍ර සහ පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් වෙනුවෙන් ද ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය වෙත ආරාධනා කරනු ලැබිණි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිමානවත්, ශ්‍රේෂ්ඨ වැඩක්... ඔබට තෙරුවන් සරණයි. බිරින්දෑවරුන්ට අපගේ උත්තමාචාරය හිමිවිය යුතුයි. විරුවන් දෙපළට අපගේ හදපිරි ගෞරවය...
මොනවා උනත් හමුදාපති තුමා නියම මහත්මයෙක් හිටපු උන් වාගේ නොවෙයි ඔබ තුමාට අපේ උපහාරය
ඉතිහාසයේදී කළ යුතුව තිබුණු දෙයක්... එදා මෙම විරුවන් දිවිපිදුවේ අද ජීවත්වන අපේ සුභ විහරණය සඳහා නොවේද?
නියම වැඩක්...!
හමුදාපතිතුමාට අපගේ ගෞරවනීය ආචාරය පුදකරන අතර උත්තමාචාර ලැබූ මැතිණියන් දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබී චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවායි පතමු...
ඉතා විශිෂ්ටයි. කියන්න වචන මදි. උත්තම පුරුෂයෙක්... සියලු පදක්කම්වලට වඩා වටිනාම පදක්කම අද ඔබට ලැබුණා.
ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවක්... පිදිය යුත්තන් පිදීම උතුම් ලක්ෂණයක්.. ඒ විරුවන් දිවිදුන්නේ මේ රට වෙනුවෙන්...
ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක්... ඔබතුමන්ලාට අපගේ ආචාරය..!
මාගේ යුදහමුදා සේවා කාලය වසර 31 යි.. දැන් මම විශ්‍රාමිකයි. මම දුටු උතුම් සම්මාන පිරිනැමීම සිදුකර ඇත්තේ මෙවරයි. මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ යුදහමුදාපති ඇතුළු සියලු දෙනාටම මාගේ ගෞරවය පුදකරමි. කොබ්බෑකඩුව මැතිණියට සහ විමලරත්න මැතිණියට නිදුක් නිරෝගී දිර්ඝායු ජිවිතයක් ලැබේවායි පතමි.
මෙවැනි උපහාර උත්සව සංවිධානය කළ සියලුම දෙනාට අපගේ උපහාරය...
උතුම් සත්ක්‍රියාවක්. හමුදාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට ප්‍රණාමය.
හොඳ වැඩක්... බෙහෙවින්ම අගය කරනවා.
සිදුවිය යුතු දෙයක් ලිලී කොබ්බෑකඩුව මැතිණිය ඉස්සර සර් අතේ අපිට රස කැවිලි එවනවා... අතීතය මතකයි තාම...