(ඇන් ජේ පතිරාජ )
ගල්ගමුව , මහගල්කඩවල , නෙළුම්ගම , පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ එගම පදිංචිව සිටි එම් එම් උපාලි නමැති පනස් හය හැවිරිදි පියෙකු බව පරීක්ෂණවලදි හඳුනා ගත් බවත් පොලිසිය සඳහන් කරයි .
මේ පියාගේ ගෙවත්තට ඊයේ (27) රාත්‍රී දහයට පමණ වල් අලි දෙදෙනකු පැමිණ ඇති බවත් , ඒ අලි ගෙහිමියන් විසින් කෑ කෝ ගසාපලවා හරිනු ලැබ ඇතැයි අනාවරණය වී තිබේ .
එම සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු නැවත නිවස අසළින් ම ශබ්ද ඇසීම නිසා මේ පියා විදුලි පන්දම දල්වාගෙන මිදුලට පැමිණ ඇති බව ද , ඒත් සමඟ ම වැසිකිළියට මුවා වි සිටි අලියෙකු ඉදිරියට පැමිණ ඔහුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි .
මේ ගෙවත්තට මුල් අවස්ථාවේම වල් අලි තිදෙනෙකු පැමිණ ඇති බවත් , ඉන් එකෙකු වැසිකිළියට මුවා වි සිටීම නිසා ඔහුට ඒ අලියා නොපෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි .එසෙ රැඳී සිටි අලියා ඔහුට පහරදී ඇති බව ද ඔවුහු කියති .
වල් අලි පහරදීම නිසා බරපතළ තුවාල ලැබු ඔහු ගල්ගමුව මූලික රෝහලට රැගෙන විත් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොනවතින අලි මිනිස් ගැටුම. විසඳුමක් පේනතෙක් මානයක නැති පාටයි.
මේක, අලින්ට, රිලවුන්ට, මොණරුන්ට, සර්පයින්ට අයිති රටක්... මේ පින්බිම මිලේච්ඡයින්ගෙන් බේරා ගැනීමට, ඔවුන් සැමඑකට එක්වී ඔවුන්ගේ නිජභුමිය වෙනුවෙන්, මේ රට ආක්‍රමණය කළයුතුයි. මිනිසාට වඩා වන සතුන්ට දැඩිව ආලේ වඩන ඔවුන්ගේ නිවෙස් අසලට මීට වඩා වන සතුන් ප්‍රමාණයක් පැමිණ ඔවුන් සමග වාසය කිරීමට පැමිණිය යුතුයි.
අලියො කියන්නේ දෙවියෝ කියලත් කියනවානේ, අලි හීනෙන් පෙනුනොත් බාරයක් අත ලඟයි කියලත් කියනවා, අලියො කියන්නේ 100% ශාක භක්ශක සතුන්... උන්ගේ අරක්ෂාවට මිනිස්සුන්ට හිරිහැර කරන්නේ, ඉතින් කතරගම වගේ නම් අලි හීලැයි. මිනිස්සු පලතුරු කන්න දෙනවා. ඔය අලි ප්‍රශ්න තියෙන ප්‍රෙදේශ වලටත් අලින්ට කෑම කේබල් රථයකින් අලි ගැවසෙන පොට්වලට යවන වැඩක් හැදුවොත් හොඳයි. අලි කියන්නෙ සංචාරක අය ගෙන්වාගන්න උපකාර වෙන සතුන්, කොහොම වුණත් අලිනුත් මිනිස්සුත් මැරෙන එකනම් හොඳ නෑ...