
(සුමිත් පොතුපිටිය )
හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ නරක්වූ මළසිරුර වාද්දුව මහවිහාර පාරේ නිවසක තිබී අද (27) සොයාගත් බව වාද්දුව පොලිසිය පවසයි .
මෙලෙස මියගොස් සිට ඇත්තේ වාද්දුව මහවිහාර පාරේ කුලී නිවසක තනිව පදිංචිව සිටී එම්. ශාන්ත චිත්‍රාල් සල්ගාදු නමැති 73 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කීය.
නිවස තුලින් අධික දුගදක් හමන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ කොට නිවසේ කාමරයක ඇදක් මත තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
පානදුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරීන් සහ හදිසි මරණ පරීක්ෂණය සිදුකල බවත්, දින තුනකට පමණ පෙර මියයන්නට ඇති බවට සැක පලකරන බවත් පොලිසිය සදහන් කරයි.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd