(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
වෙරළ හා කළපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම රථ (Combat All Terrain Vehicle) ඉදිරියේදී කොළඹ සහ මන්නාරම ප්‍රදේශයන්හි වෙරළ තීර ආශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා යොදා ගැනීමට නියමිතය.

දැනට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ ඇති මෙම රථවල ක්‍රියාකාරීත්වය ද මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොඩී වැල්ලේ එරුනාම මොකද කරන්නේ ?බිමට තල්ලු කරනවද ?අප්පට සිරි දන්නේ දැක්කේ .කොච්චර එපා කිවුවත් අහන්නේ නැහැ අත යන්නේ සාක්කුවටමයි .සෙනග ඉන්න වෙලාවටවත් ඔය වැඩේ නවත්වන්න බැරිද?