
(අංජුල මහික වීරරත්න)
වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ඊට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
එම වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.
නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙලි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන මුල් කර ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව තිබේ.
සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ජනාධිපතිතුමා එහෙම කිව්වාට එතුමාගේ නෑදෑ ජනාධිපති කිව්වේ සාහිත්‍යය කන්නද කියලා නේද? සාහිත්‍යය කන්නද අහපු එකේ විපාක තමයි. සමහරක් වියතුන් පිස්සු කෙළින්නට හේතුවක් වෙලා තියෙන්නේ... උදාහරණයක් හැටියට කියන්නේ මහබැද්දේ සිට අකුරු කරන්න නගරයට ගිය ළමයෙක් ආපසු මහ බැද්දටම ගියා කියන්නේ නගරයෙන් කැලයට යාම වුණත් උගතා කිව්වේ මහනුවර සිට ආපසු ගියා කියලා තමයි. මෙයින් පේනවා සාහිත්‍යය මගින් දැනුම පෝෂණය වෙනවා කියලා...
මෙන්න මේ වගේ සංදර්ශන දාන්න තමයි අපේ රටේ ජනාධිපතිලා ඉන්නේ. හැබැයි කාටවත් හොර ගමන් බලපත් හදාගෙන ඉන්න, අල්ලස් අරගෙන වැරැදිකාරයෝ වෙලා ඉන්න, කුඩු වෙළඳාම් කරන මන්ත්‍රීලා ගැන කිසි ගාණක් නෑ. නැවේ වන්දිය, අල්ලස් ගත්ත එක ගැන කිසි ප්‍රශ්නයක් නෑ. රටේ ආර්ථික විනාශයට වගකියන්න ඕනෑ අයට දඬුවම් දෙන ඒවා ගැන කිසිම වුවමනාවක් නෑ. මේ වගේ ජනාධිපතිලා 10ක් ලේසියෙන්ම පොල්පිත්තකින් කපාගන්න පුළුවන්.