(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, මහවැලි කේන්ද්‍රයේදී පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
“මුලින්ම මෙම අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව වගේම සහ රාජකීය ආසියාතික සංගමයේ (RAS) සඟරාවල මුල් පිටපත් කිහිපයක් ලබා දීම පිළිබඳව ද ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා.
මෙම පොත්වල මුල් පිටපත් විශාල ප්‍රමාණයක් මගේ මවගේ පොත් එකතුවේ තිබුණා. එම පිටපත් ආයතන කිහිපයකට ලබා දීමට බලාපොරොත්තුවෙන් හිටියේ. එහෙත් අවාසනාවකට අරගලයත් එක්කම එම පොත් විනාශ වී ගියා. ඉතින් අරගලය සම්බන්ධව මෙතැන සිටින අයට තිබූ බය මටත් තේරුම්ගත හැකියි යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉතිහාසයට අලුත් පිටුවක්
Siri Saturday, 29 April 2023 07:45 PM
ඉතිහාසය දරුවන්ට කියාදෙන එකත් ඉතාම වැදගත්...
Bamunuarachchi Monday, 01 May 2023 07:42 AM
එක මන්ත්‍රී ආසනයකින් රටේ ජනාධිපති වීමත් ඒ ඉතිහාස පිටුවට ඇතුලත් කරන්න