(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට පෙරත් ඇතැම් අවස්ථාවල මෙවැනි තත්ත්වයන් ඇතිවී තිබෙන බව කී ජගත් කුමාර මහතා ජනමාධ්‍ය වලින් ඒ ගැන හෙළිදරව් කළ පසුව සොයා බලා තිබෙන බව සඳහන් කළේය.
වර්තමානයේ දී ඇති වී තිබෙන අදාල කාරණය ගැන සොයා බලන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ජගත් කුමාර මහතා කීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු තෙල් වෙන්න ඇති නේද ?
අපේ ගෙවල් ලඟ කෙනෙක් මැරෙන්න ලං වෙද්දිත් ඔහොම පොළොවෙන් තෙල් මතුවුණා.