
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ සිටින යම් කණ්ඩායමක් අනාගතයේ දී විපක්ෂයට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා එය කියන්නේ අනාවැකියක් ලෙස බවද විපක්ෂනායකවරයා කීය.
සමගි ජන ජනබලවේගයේ කිසිම පුද්ගලයෙක් මේ දුර්දාන්ත රජය සමඟ එකතු වන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
"මා වගකීම කිරීම පැහැර හැරි බව කියනවා. මා කේන්දර කේන්ද්‍ර බැලුවේ නෑ.හැබැයි වගකීම බාර ගත්තොත් වැඩ කරන්න ඉන්න ග්‍රහයො 134 දෙනා ගැන මා බැලුවා.ඒ කුජීත ග්‍රහයන් දෙස බැලූ විට රජයක් පිහිටුවන්න නෙමෙයි වමාරන්න හිතෙන්නේ යනුවෙන් ද සජිත් පේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි කොයි කන්ඩායම් පිල් මාරුකලත් අවුරුදු 74ක් පුරාවටම රටට කල සෙත?
දෙපැත්තට කට්ටිය මාරු කරගෙන බලනවා ජනතාව නැවත වතාවක් රවට්ටන්න පුලුවන්ද කියලා.ඕවට අපි රැවටෙන්නේ නැහැ හලෝ .දෙගොල්ලොම හොඳ යාළුවො කියලා අපි දැන් දන්නවා
"පනින රිලව් දැක නොහෙලන් නෙලූ පලා " කීවලු....
මේ රටේ එවුන් එහාට මෙහාට වෙන්නෙ ගාන අනුව , තියෙන විදියට ඔහේගෙ එවුන් 134 පත්කල හොර නායකයගෙ පැත්තට යන පාටයි
ඔබතුමා හරි. ඔය දූෂිතයින් කිසි දිනක පක්ෂයට ගාව ගන්න එපා.ළඟ ඉන්න ගෙම්බාවත් දැන්මම එලියට දාන්න
මොනවා උනත් දවසට එක ගානේ මෙවන් කතා කියලා අප මුවගට සිනහව ගෙන එන එක ගැන නම් වෙන්න ජනපති ට ස්තුතිය පුද දෙන්න ඕනා.පහුගිය දවස් ටිකේ මොරදුන්නා සල්ලි.දීලා.එයාගේ අය බාගන්න හදනවා කියලා.දැන් කියනවා ආන්ඩුවෙන්.එයා.ලගට එනවලූ.ලස්සනම කතාව ග්‍රහචාර.බැලුවේ නෑලු.වගකීම්.ගන්න.බය නෑලු.හී හී.ආදරනීය මෑනීයන්ගේ නුයි,ප්‍රිය බිරිඳ ගෙනුයි,සහෝදරියගෙනුයි ඇහුවම ඇති.
අනාවැකියක් කිවුවට වෙනවද කියල ෂුවර්නෑ