(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රී රෝද රථයකින් පැමිණි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තරුණයකු පැහැරගෙන රැගෙන යමින් සිටියදී අද අත්අඩංගුවට ගත් බව මතුගම පොලීසිය කියයි.
මීගහතැන්න දියපත්තුගම පොල්ගම්පල 31 හැවිරිදි තරුණයකු මෙසේ පැහැරගෙන ගොස් ඇත.
වත්තල එඬේරමුල්ලේ පදිංචි කාන්තාවක් විදේශ ගත කරන බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගෙන විදේශ ගත නොකිරීම සහ ලබාගත් මුදල් ලබා නොදීම හේතුවෙන් එම කාන්තාව තවත් පුද්ගලයන් තිදෙනකු සමග පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මතුගම පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත නිලධාරීන් අලුයම 1.20 ට පමණ මතුගම නගරයේ දී ත්‍රිරෝද රථයක් නවත්වා ඇති අතර ඒ තුළ සිටි තරුණයකු" සර් මාව පැහැරගෙන යනවා සර්" යනුවෙන් කෑ ගැසීම ඇසුනු පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී තරුණයා බේරාගෙන සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd