
(උපාලි ආනන්ද)
තන්තිරිමලේ පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධිය පොලිසියට සරළ කාරණයක් වුවද එම සිද්ධිය අධිකරණයට බරපතල කාරණයක් බව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය උතුරු මැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා සහ රහස් පොලිසියේ නිලධාරීන් අමතමින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.
මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රහස් පොලිසියේ නිලධාරීන් අමතමින් මේ බව කියා සිටියේ තන්තිරමලේ පොලිසියේ අවි ගබඩාවේ තිබූ ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදීය.
මහේස්ත්‍රාත්වරිය තවදුරටත් කියා සිටියේ තන්තිරිමලේ පොලිසියේ අවි ගබඩාවේ තිබූ ටී 56 ස්වංක්‍රිය ගිනි අවියක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විල්පත්තුවේදී සොයා ගෙන තිබීම බරපතල තත්වයක් බවයි
එම සිද්ධිය පොලිසියට සරළ කාරණයක් වුවද එය අධිකරණයට බරපතල කාරණයක් බවද අවධාරණය කළ මහේස්ත්‍රාත්වරිය පොලිසියේ සහ රහස් පොලිසියේ ක්‍රියා කලාපය අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට රට විනාශ කරන පාදඩ දේශපාලුවන් රැකීම හැර අනික් සියලු කාරනා සුළු දේවල්.
පොලිසිය ඇතුලෙම මෙවනි දේවල් සිදුවෙනවා කියන්නෙ පොලිසිය මෙරවරයින්ට බයයි කියන එක එහෙම නැතිනම් පොලිසිය ඔක්කොමල ජරාව කාලා.
දෝෂ දර්ශනයට ලක් කරනවා වෙනුවට ගෙදර යැව්වා නම් ආය කවුරුවත් මෙහෙම වගකීම විරහිතව කටයුතු කරන්නේ නැහැ