(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී "ජයගමු" යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය,තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා එක්ව වැඩකරන ජනතාවගේ මැයි දිනය ලෙස මෙවර කම්කරු දිනය සමරන බව ද එජාප උප නායකවරයා සඳහන් කළේ ය.
අර්බුදයෙන් රට ගොඩ ගෙන නව මාවතකට ගෙන ඒමට මූලික වූ පක්ෂයක් ලෙස මෙවර එජාපය අභිමානවත් ලෙස මැයි දිනය සමරන බව ද එජාප උප නායකවරයා සඳහන් කළේ ය. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියා කරන හෙයින් මෙවර එජාප මැයි දිනයට සහභාගී නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන ,මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, මහත්වරුන් ප්‍රමුඛ එජාප නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දිනය සංවිධාන කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඕවට එන්නේ මොනවා කරන්නද ?යනවානම් යන්නේ දිව්‍ය සභා වලට තමයි වීසා ගහගන්න
මම හිතුවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මැයි රැලියට යනවා කියලා
අර්බුදය හැදුවේ උගේ පංතියේ එවුන් . ඒක සමනය කලෙත් උන්ම කියලා කියා ගන්නවා. මැයි දිනේ අයිති තොපිට නෙමේ. තොපේ පංතියේ බොරු වලට රැවටෙන්නේ නෑ. තොපේ වලවු වල සැපට ඉන්න එවුන් එක්කන් ඇවිත් රැලි කරගනිල්ලා. දේශපාලන පංතිය තොපි රටම රැවැට්ටුවා.
එන්න ලැජ්ජා ඇති ඒකයි
ආවොත් ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචරය හොන්දහැටිදන්නව. අර්තික අර්බුදයෙන් රට ගොඩගත්තයුතුයි කීවත් රට තවමත් භයානක ආර්තික අර්බුදයක. බන්ගලි දේශයෙන් ගත් ඩොලර් මිලියන 250 නයෙන් කොටසක්වත් ගෙවගන්න වසර 2 මුලුල්ලේ බැරි වුනා.
අනේ පවු ඔය රැස්වීමට එන්නෙත් 3 නේද