
(ඩී.ඒ.පතිරණ)
බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.
ඌරුබොක්ක පොලිස් වසමේ බෙංගමුව,තැන්නහේන,පුහුල්හේන්වලකඩ ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.00 ට පමණ පැමිණි කණ්ඩායමක් නිවසේ සිටී මව,පියා,පුතා සහ දියණිය යන සිව්දෙනා කපා කොටා තුවාල සිහා යතුරු පැදිවලින් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ත්‍රීරෝද රථවලින් පැමිණි මැර කණ්ඩායමක් මුහුණු වසා පැමිණ නිවසේ සිටී පිරිස මෙසේ කපා කොටා ඇතිඅතර 119 හදිසි දුරකථන අංකයට ලද පණිවිඩයකට අනුව පොලීසියේ නිළධාරින් පිරිසක් පැමිණ තුවාල කරුවන් ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තේය.
බරපතල තත්ත්වයේ සිටී මව සහ පුතා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති බවට පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මව,පියා,දියණිය හා පුතා යන සිව් දෙනායි.13 හැවිරිද පාසල් සිසුවකු හා ඔහුගේ 51 හැවිරිදි පියා,51 හැවිරිදි මව හා 17 හැවිරිදි සහෝදරිය තුවාල ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛේදනීයයි, ගෝත්‍රිකයි විශේෂයෙන්ම දරුවන්ට සිදුවන කායික හිරිහැර සේම, මානසික බලපෑම බරතලයි.
අපරාධවලින් කිසිම අඩුවක් දකින්නට නැහැ .උදේ පාන්දර ඉඳන් පන්සල් සහ කෝවිල් වලින් ඇහෙන්නෙම සිත කය නිවන බුදු ගුණ ,ආගමික වතාවත් .නමුත් සිදුවන්නේ එයිට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රචණ්ඩ ක්‍රියාවන් .කවදා මේවා නතරවෙයිද කියන්න බැහැ
ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ යුතුකමක් තමයි ඒ ප්‍රදේශවල වෙසෙන මිනිස්සුන්ගේ සමාජ වටපිටාව යහපත් කිරීම. හොරු, මංකොල්ල කාරයන්, කුඩු බොනමිනිස්සුන්ගෙන්, මිනීමරු වන්ගෙන්.... තොර සමාජයක් ඇතිකිරීමට උත්සහ කිරීම. උනන්දු කිරීම.තමන්ට යැපීම සඳහා උපකාර කරන මිනිස්සුන්ට සාමයෙන්,සතුටින් ජීවත් වීමට සමාජයේ වෙසෙන මිනිස්සුන් යහමගට ගැනීම. නමුත් ඒ ගැන කිසිම කතාවක්වත් ඒ අයගෙන් සිදු නොවේ..... මේ කණගාටුදායක සිද්ධියට මුහුණ දුන් සැමට ඉක්මන් සුවය ලැබේවා.
ලංකාවේ වාහනයක් ඉස්සර කරන්න හෝන් ගැහුවොත් නොමිලේ දත් ගැලවීමේ සිට නිවන් දැක්කවීම දක්වා අත්දැකීම් ලැබිය හැක. එතරම් පිං කාරයෝම ඉපදෙන රටක් මේක. පිං බිමක්….