(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම සතිපොළ ආසන්න බෙන්තොට ගං ඉවුරට ගොඩ ගසා තිබූ පිරිමි මළ සිරුරක් අද පස්වරුවේ අලුත්ගම පොලීසිය සොයා ගත් බව කියයි.
මෙලෙස මියගොස් සිටි පුද්ගලයා බෙන්තොට ගලපාත වඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි විවාහක පුද්ගලයකු බව අලුත්ම පොලිසිය කියයි.
මෙලෙස බෙන්තොට ගඟේ පාවෙමින් තිබියදී මෘත ශරීරය හමු වූ පුද්ගලයා පෙර දින සිට නිවසට නොපැමිණි බව පවසා නිවසින් බෙන්තොට පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව බෙන්තොට පොලිසිය කළ සොයා බැලීමේදී බෙන්තොට පාලම ආසන්නයේ තිබී සරමක් ,කමිසයක් සහ සෙරෙප්පු දෙකක් අඩංගු බෑගයක් පොලිසිය සොයාගෙන ඇති අතර බිමතින් ගං ඉවුරේ සිටියදී ඇදවැටුනේ ද යන්න විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd