
(ඩී.ඒ.පතිරණ)
තංගල්ල ප්‍රදේශයේ පදිංචි මවක එක් දිනක් වයසැති සිය බිළිදිය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි යුවළකට විකිණී යැයි කියන අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි.
නාකුළුගමුව,මොරකැටිආර,මානවැල්ල පාර පදිංචි 21 හැවිරිදි සිය මව විසින් එක් දිනක් වයසැති සිය බිළිදිය දරු කමට හදා ගැනීම සදහා ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට විකුණා ඇති බවට කාන්තාවගේ ස්වාමි පුරුෂයා (දැරියගේ පියා) නැවැත බිරිඳ සොයා පැමිණ ලැබුනු දරුවාට මොකක්ද වුනේ කාටද දුන්නේ කියා බිරිඳගෙන් විමසා ඇත.
නැවත පැමිණි දරුවාගේ පියා දරුවා පිලිබදව විස්තර සොයන අතරතුර බිළිදියගේ මව දරුවා හදා ගන්න දුන් යුවල සොයා පැමිණ නැවැත දරුවා තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
දරුවට වියදම් කළ නිසා දරුවා නැවැත ලබාදිය නොහැකි බව පැවැසීම හේතුවෙන් දරුවා අරන් දෙන ලෙස ඉල්ලා මව පොලීසියට ගොස් ඇත.
ඒ අනුව බිලිදිය ලබාගත් යුවළ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අනාවරණය වී ඇත්තේ දරුවාගේ පියා බිරිය ගැබිණියක් වී මාසයකින් පමණ හැර යෑම නිසා දරුවා වැදූ මව ඇගේ මවගේ නිවසට පැමිණ ඇත.
දරුවා හදා වැඩි ගැනීමට නොහැකි නිසා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිය දැනුවත් කර ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ අඹුසැමි යුවළකට දරුවා ලබාදීමට පොරොන්දු වී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව දරුවා පිළිසිඳගෙන මාස පහක පමණ කාලයක සිට සායනවලට යාමට හා අනිකුත් පරික්ෂණ කටයුතු ඇතුළු සියළු වියදම් දරුවා මිලදී ගත් යුවළ දරා ඇති බවටත් දරු ප්‍රසුතිය සදහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත් මූලික පරීක්සණවලින් අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd